• වීථි නාට්‍ය දැක්ම

    පසුගිය දෙසැම්බර් 27 වන දින සෙනෙහස කලා පදනම සංවිධානය කළ වීථි නාට්‍ය සංදර්ශනය

  • සෙනෙහස මාසික සගරාව

    සෙනෙහස මාසික සගරාව එළිදැක්වීම පෙබරවාරි 19 වන දා කහපොළ පුබුදු පෙරපාසල් ශාලාවේ දී පැවැත්විණ.

  • සෙනෙහස සගරාව

    සෙනෙහස සගරාව සඳහා ඔඛේ දරුවාගේ නිර්මාණ අප වෙත එවන්න. ඒ සඳහා ඉඩ ලබා දීමට සෙනෙහස කලා පදනම සූදානම්ව සිටී.

Thursday, April 4, 2019

සාරධර්ම ඇතුළත් අපේ සාහිත්‍ය කෘති


සිංහල සාහිත්‍යයේ පැරණි ම කලා නිර්මාණ වනුයේ ජන වහරින් ඈත අතීතයේ සිට පැවත එන ජන කවියයි. අතීත ජනයා නොයෙක් ආකාරයෙන් තම රසවින්දනය සඳහා එය හුරු කරගෙන සිට ඇත.

කවිය අතීත ජනයා තම කාන්සිය, පාළුව, මහන්සිය දුරු කරගැනීමට පමණක් භාවිත කළේ නැත. ජන කවිවලට අමතරව සිංහල සාහිත්‍යයේ විශේෂාංග කාව්‍ය වර්ගයක් නව උපදේශ කාව්‍ය හඳුනාගත හැකි වේ. සාරධර්ම සමාජගත කිරීම උපදේශ කාව්‍ය ගනයෙහි ලා මුඛ්‍ය පරමාර්ථය වේ.
ලෝවැඩ සගරාව, සුභාෂිතය, ලෝකෝපකාරය, සිරිත් මල්දම, හා තිරුක්කුරල් කාව්‍ය සංග්‍රහයත් උපදේශ කාව්‍ය ගණයෙහිලා නිදසුන් වේ. කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍ය සංග්‍රහය රණස්ගල්ලේ හිමිපාණන් විසින් රචනා කර ඇත.

''පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඩි  බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි''

යනුවෙන් සැලළිහිණි සංදේශයේ සඳහන් වන්නේ ප්‍රිය වචන කතා කිරීමේ සාරධර්මය සමාජගත කිරීමට දරන ප්‍රයත්නයකි.
උපදේශ කාව්‍ය ගණයෙහිලා සුභාෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සුභාෂිතය අලගියවන්න මුකවෙටිතුමා විසින් රචනා කර ඇත. මෙම කෘතියෙනුත් සමාජ සාරධර්ම ගොඩනැගීමට ලැඛෙන්නේ මහ`ගු පිටිවහලකි.
ගුරු මුහන්දිරම්තුමා විසින් ඉතාමත් සරල බසින්  රචනා කර ඇති සිරිත්මල්දම ද සාරධර්ම ප්‍රගුණකරවීම උදෙසා රචනා කරන ලද අනර්ඝ සාහිත්‍ය කෘතියකි.
    
   තමන් ලැබූ දිවි       පෙවෙතේ   කොටසක් රට සමය    වෙතේ   පුද නොකළොත් නුඹෙන්    පුතේ   මෙලොවට කිසි පලක්    නැතේ
          යනුවෙන් එස්. මහින්ද හිමි රචනා කර ඇත්තේ අප රට වෙනුවෙන් වැඩ කළ යුතු බව කියා පාන්නට ය.
මීට අමතරව උන්වහන්සේ විසින් රචිත ජාතික තොටිල්ල, ළමා කවි කළඹ, හා ඔවා මුතු දම ආදී ග්‍රන්ථ ද දරුවන්ගේ සාරධර්ම වැඩි දියුණු කිරීමේ පරමාර්ථය ඇතිව රචනා කොට ඇත.
මේ ආකාරයට පාඨකයා තුළ යහපත් සිතුවිලි ඇති කිරීමට උපදේශ කාව්‍යයෙහිලා මහගු පිටිවහලක් ලැඛෙනු ඇත.
(හිරුණී හංසිකා)

යමක් කරන්න කලින් හිතන්න

  ජීවිතේ සමහරක් අවස්ථාවල දී, අප ගන්න සමහර තීරණ නිසා අපිට වගේ ම, අප ළග ඉන්න අයටත් දුක් විඳින්න, අඩන්න වගේ ම, මිය යන්න පවා සිද්ධ වෙනවා. ඒත් ඒ තීරණ ගන්න කලින් ටිකක් හොඳට හිතන්න පුළුවන් නම් අපි හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

ඉතිං අපට හිතන්න බැරි ද? නෑ, පුළුවන්. ඒත් අපි හිතන්නෙ නෑ. හිතන්න උනන්දුවක් නෑ. එහෙම නේද?

ගුරුවරු කියන්නෙ අපේ ජීවිත ඉතා ශක්තිමත් කරපු උත්තරීතර පිරිසක්. අපට ගුණ ධර්ම කියා දුන්නු පිරිසක්. අපේ ජීවිතවලින් ඒ ගුණ ධර්ම ඈත් කර ගන්නව නම් ඒක ඒ ගුරුවරුන්ට කරන ලොකු වැරැද්දක්.

ඉස්සර එක ගුරුවරයෙක් ළග  සිසුන් හතර දෙනෙක් හිටියා. ඒ සිසුන් හතර දෙනා ගුරුවරයට හරිම කීකරුයි. හතර දෙනාම හොඳට ඉගෙන ගන්න මහන්සි වුණා. මේ හතර දෙනාගෙන් එක් කෙනෙකුට පුළුවන් අතින් අල්ලන්නෙ නැතුව තුවාල සනීප කරන්න. තව එක්කෙනෙකුට පුළුවන් බිඳුණු දේවල් නැවත කලින් තිබුණ විදියට සවි කරන්න. තුන් වෙනි කෙනාට පුළුවන් මැරුණු කොළවලට ප්‍රාණය දීලා නැවත ගස්වලට සවි කරන්න. අවසාන කෙනාට අනිත් අය වගේ හැකියාවක් ඇති කර ගන්න බැරි වුණා. ඉතිං අර තුන් දෙනාම කිසිම හැකියාවක් ඇති කරගන්න බැරි වුණ  තමන්ගෙම යාළුවට විහිළු කරලා හොදට ම හිනා වුණා. ඒත් ඒ 
මොනවත් හැකියාවක් ඇති කර ගන්න බැරි වුණ යාළුවා තමන්ට හිනා වුණ යාළුවන්ට කවදාවත් දොස් කිව්වෙ නෑ.

අන්තිමට මේ හතර වෙනි යාළුවා ගුරුතුමා ළගට ගිහින් ගුරුතුමාගෙන් මෙහෙම අහනවා.

''ගුරුතුමනි, සාමාන්‍ය දැනීම කියන්නෙ මොකද්ද?''

ගුරුතුමා ඔහුට පිළිතුරු දෙනවා.

''ඒක හරි සරල දෙයක් නෙ. සාමාන්‍ය දැනීම කියන්නෙ, අපි දෙයක් කරන්න කලින් හිතන එක.''

ඉතිං දවසක් මේ විවිධ හැකියාවන් තියෙන යාළුවො තුන් දෙනා ගමෙන් එළියට ගිහින් ජීවත් වෙන්න කතා කර ගත්තා. එයාලගෙ ගමනට විශේෂ හැකියාවක් නැති යාළුවත් එකතු කර ගත්තා. ඉතිං මේ හතර දෙනාට ම ගමනට කලින් ගුරුතුමා අවවාද කළා. මතක තියාගන්න දරුවනේ හැමවෙලේම බුද්ධිමත් මනුස්සයා දෙයක් කරන්න කලින් හිතනවා. 

''හොදයි අපි මතක තියා ගන්නම්'' කියලා යාළුවො හතර දෙනා ම ගමෙන් පිටත් වුණා.

ටිකක් දුර ගියපු යාළුවො හතර දෙනා දවල් කෑම කන්න තැනක නතර වුණා.තමන් වාඩි වුණ තැන තිබුණු ඇට සැකිල්ලක් දැකපු මේ විශේෂ හැකියාවක් නැති ශිෂ්‍යයා අනිත් අයට කතා කරලා කිව්වා මේ ගැන.

එයින් එක යාළුවෙක්  තමන්ගෙ දක්ෂතාවෙන් මේ විසිරිලා තිබුණු ඇට කටු එකතු කළා. ඒ ඇට සැකිල්ල සිංහයෙක්ගෙ කියලා එතකොට තමයි හැමෝම දැන ගත්තෙ. ඉතිං මේක බලන් හිටපු අනිත් යාළුවොත් 
තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පටන් ගත්තා. ඒත් අර විශේෂ හැකියාවක් නැති යාලුවා 

''ඔය වැඩේ කරන්න එපා'' 

කියලා කිව්වා.ඒත් කලින් කෙනාට වැඩියෙන් අනිත් කෙනා තමන්ගෙ දැනුම පෙන්නන්න හිතුවා. ඉතිං තව එක්කෙනෙක් අර ඇට සැකිල්ලට ලොම්, නියපොතු, දත් ඇතුළු ශරීරය ලබා දුන්නා. මේ දෙන්නටම වඩා තමන් දැනුමෙන් උසස් කියලා පෙන්නන්න, අනිත් තුන් වෙනි යාළුවා මේ සිංහ ශරීරයට පණ දෙන්න තීරණය කළා. එතකොට ම විශේෂ හැකියාවක් නැති සිසුවාට තමන්ගෙ ගුරුතුමා දුන්නු අවවාදය මතක් වුණා. යමක් කරන්න කලින් හිතන්න. 

තමන්ගෙ යාළුවන්ට කියපු දේ අහපු නැති නිසා විශේෂ හැකියාවක් නැති ශිෂ්‍යයා ගහකට නැග්ගා. කොළවලට පණ දීලා ගස්වල සවි කරපු ශිෂ්‍යයා සිංහයාට  නැවත පණ ලබා දුන්නා.

අවසානෙ දි සිංහයාට පණ ආවා. සිංහයා බඩගින්නෙ හිටපු නිසා ඒ බිම හිටපු තුන් දෙනාම මරාගෙන කෑවා.ගහ උඩ හිටපු විශේෂ හැකියාවක් නැති ශිශ්‍යයා සිංහයා එතනින් ගියාට පස්සෙ ගහෙන් බැහැල ගියා.

දෙයක් වුණාට පස්සෙ ඒ ගැන ආයිත් හිතලා දුක් වෙලා වැඩක් නෑ. මොකද,ඒ දේ සිදුවෙලා අවසන් නිසා. සමහරවිට ඒ දෙයින් අපිව විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඕන ම දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතන්න ඕන. කියලා අපි හැමෝම මතක තියා ගනිමු.

(පූජ්‍ය ගම්මැදගම ධම්මානන්ද හිමි)

Thursday, March 21, 2019

සෙනෙහස මාර්තු කලාපය නිකුත් වේ.

සෙනෙහස සඟරාවේ මාර්තු කලාපය දැන් නිකුත් වී ඇත. මෙවර සඟරාව නිකුත් වන්නේ එයට නව මුහුණුවරක් ද එක්කරමින් වීම විශේෂත්වයකි. සඟරාවේ මුල් පිටුව පාසල් දරුවකු අතින් ඇඳි සිතුවමකින් වර්ණවත් කර ඇති අතර, දරුවන් ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන්කර ඇත.

මෙවර කලාපයේ සිට ප්‍රවීන ලේඛිකා යමුණා මාලනී පෙරේරා මහත්මිය විසින් දරුවන් ගේ කවි නිර්මාණ පිළිබඳ විචාරයක් ද එකතු වන අතර  කැපී පෙනෙන කවියට සහ ප්‍රහේළිකාවේ නිවැරදි පිළිතුරට තෑගි හිමි වේ.

දරුවන් ගේ කවි නිර්මාණ "සෙනෙහස" සඟරාව, නො. 86/2, රෙජිඩේල්වත්ත, කහපොළ, මඩපාත. ලිපිනයට එවිය හැකි අතර senehasamag@gmail.com ලිපිනයට ඊ මේල් මගින් එවිය හැක.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 071 216 9876 න් (සංඛ) හා 071 434 4045 න් (ප්‍රසන්න) අමතන්න.
සෙනෙහස සඟරාවේ මාර්තු කලාපය දැන් නිකුත් වී ඇත. මෙවර සඟරාව නිකුත් වන්නේ එයට නව මුහුණුවරක් ද එක්කරමින් වීම විශේෂත්වයකි. සඟරාවේ මුල් පිටුව පාසල් දරුවකු අතින් ඇඳි සිතුවමකින් වර්ණවත් කර ඇති අතර, දරුවන් ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන්කර ඇත.

මෙවර කලාපයේ සිට ප්‍රවීන ලේඛිකා යමුණා මාලනී පෙරේරා මහත්මිය විසින් දරුවන් ගේ කවි නිර්මාණ පිළිබඳ විචාරයක් ද එකතු වන අතර  කැපී පෙනෙන කවියට සහ ප්‍රහේළිකාවේ නිවැරදි පිළිතුරට තෑගි හිමි වේ.

දරුවන් ගේ කවි නිර්මාණ "සෙනෙහස" සඟරාව, නො. 86/2, රෙජිඩේල්වත්ත, කහපොළ, මඩපාත. ලිපිනයට එවිය හැකි අතර senehasamag@gmail.com ලිපිනයට ඊ මේල් මගින් එවිය හැක.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 071 216 9876 න් (සංඛ) හා 071 434 4045 න් (ප්‍රසන්න) අමතන්න.

Friday, March 8, 2019

''ගුරු දෙගුරු දූ දරු සැමට සෙනෙහස''

මෙවර සෙනෙහස සගරාවට අලුත් මුහුණුවරක් එක්කිරීමට  'සෙනෙහස' කර්තෘ මණ්ඩලය  තීරණය කර ඇත. පළමු සඟරාව කියවූ පාඨකයන්ගේ අදහස් යොජනා චෝදනා සැලකිල්ලට ගෙන මෙවර සඟරාවේ බාහිර පෙනුම මෙන් ම, ගුරු දෙගුරු දූ දරු සැමට යන තේමාව යටතේ හරවත් ලිපි, දරුවන්ගේ නිර්මාණ සහ දරුවන් විසින් ඇඳි සිතුවම් ද එක් කර ඇති අතර, අප්‍රේල් කලාපයේ සිට මුල්කවරය පාසල් දරුවකුගේ සිතුවමින් වර්ණවත් කිරීමට ද කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත. 

පළමු කලාපය සේ ම ලිපි පෙළ සකසා ඇති අතර ප්‍රවීණ ලේඛක  ගයාන් අඛේසිංහ සහ ප්‍රවීණ ගීත රචිකාවිය යමුනා මාලනිය ද මෙවර සඟරාවට තම සම්පත් දායකත්වය ලබා දෙයි.  යමුණා මාලනිය විසින් තෝරාගනු ලබන කැපී පෙනෙන කවියට ඇය විසින් රචිත කෘතියක් පිරිනැමීමට ද ඇය කටයුතු කර ඇත. එලෙස ම ප්‍රහේළිකාවට පිළිතුරු එවා කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයාට ද තිළිණ හිමි වන අතර දරුවන්ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමට ද කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත.

දූදරුවන්ගේ නිර්මාණ, කවි ගීත, නිසඳැස්, සඳැස් චිත්‍ර ඇතුළු නිර්මාණ පහත ලිපිනයට එවිය හැකි ය.

සෙනෙහස සඟරාව
නො. 86/2, ආර්, කහපොළ, මඩපාත.

විද්‍යුත් ලිපිනය
senehasamag@gmail.com


Friday, February 22, 2019

තිස්සමහාරාම කාවන්තිස්සපුර මහා විද්යාලයට සක්නද සත් සිතින්



පොත් අපේ මිතුරෝය යන මැයෙන් සෑම දරුවෙකුට ම කතා පොතක් ලබා දීම සඳහා සක්නද තිස්සමහාරාමයේ කාවන්තිස්සපුර මහා විද්යාලය වෙත. 2018.10. 16 ගියෙමු. ඔබ අපෙන් ඉල්ලා සිටියේ රත්නශ්රී විජේසිංහයන් හෝ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල පාසලට ගෙන්වා දෙන ලෙස යි.

ඒ පොරොන්දුව ඉටු කරන්නෙමු.

ඉතින් මේ මස 28 වන දින ඒ දරුවන්ට නිල ඇඳුම් ද රැගෙන ඔබ පාසලට එන්නේ සත් සිතිනි....
ආචාර්ය රත්නශ්රී විජේසිංහයන්ගේ අපූරු සාහිත්යය දේශනය

ඩඩ්ලි එස්  ජයවර්ධන ප්‍රමුඛ වාද්‍ය වෘන්දයට
සමන් නිශාකර හා
තරිදු ජයසිංහගේ
ගායනය සමගින්

සක්නද පර්ෂදය




Wednesday, February 20, 2019

"ගී පියස" සංගීත ප්‍රසංගය මාර්තු මස 10 වන ඉරිදා


රුවන්ති ධනුෂිකා ගයන ගී පියස සංගීත ප්‍රසංගය මාර්තු මස 10 වන ඉරිදා පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 


රුවන්ති ධනුෂිකා කැස්බෑව ප්‍රදේශයෙන් බිහි වූ දක‍ෂ ගායන ශිල්පිණියක වන අතර මෙම ප්‍රසංගය ඇයගේ තෙවැනි ඒක පුද්ගල ප්‍රසංගයයි. බටුවන්දර ප්‍රදේශයේ ජීවත් වන දිළිඳු පවුලක් උදෙසා නිවසක් සාදා දීමේ උතුම් අරමුණ ඇතිව ඇය මෙම සංගීත ප්‍රසංගස  සංවිධානය කරන අතර ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන,චතුර දිසානායක,නිරුක‍ෂාන් ඒකනායක යුග ගායනයෙන් එක් වන අතර සේනක උඛේසිංහ සහ ඉසුරිකා මධුශානි කතනයෙන්  ඔපවත්වන සංගීත සැඳෑව සංගීතවත් කරනු ලබන්නේ සංගීතවේදී විශාරද රණවි අතුකෝරල ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.

Saturday, February 16, 2019

සාහිත්‍ය කෙත අස්වද්දමු

වර්තමානයේ  ඉරිතලලා වේලිලා, පුරන් වෙලා  යන සාහිත්‍ය කියන වෙල්යාය අද්දර ඉඳිද් දී ඒ වෙල්යායේ එක ලියද්දක් හෝ මඩ කරලා අස්වද්දන්න ගන්න මේ උතුම් උත්සාහයට මටත් දායක වෙන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.''

සාහිත්‍ය කියන මාතෘකාව විශාල පරාසයක් පුරා පැතිර යනවා. ඇත්තටම මොන විදිහකට අර්ථය මාර්ටින් වික්‍රමසිංහ ශරින්ගේ  සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ ප්‍රස්තාවනාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කවර කාව්‍යයක් වුව ද කාව්‍යයක් වනුයේ එය ගුණ දොස් දෙකෙන්ම යුතු වූවක් බැවිනි. දොසින් තොර වූ ග්‍රන්ථයක් වෙතොත් එය කිසි කලෙක කාව්‍යයක් විය හැකි නොවේ. ඒ වගේම ඇරිස්ටෝටල් වරෙක මෙසේ සඳහන් කර තිඛෙනවා. අභ්‍යන්තර ගුණ සමුදායකින් විශිෂ්ට වූ රචනාව කාව්‍යය යි.  අපර දිග මතය මීට මදක් වෙනස්. ඔවුන්ට අනුව ලිබිත රචනා, මුද්‍රිත දෑ, සියල්ල සාහිත්‍යයි.  මට නම් දැනෙන්නේ රස සහිත දෑ සාහිත්‍යය  යන්නයි. ඒ කුමන අයුරකින් හැඳින් වූවත් අප කලාවට සාහිත්‍යයට සමීප විය යුතුයි. 

ළමා අපේත් මේ සියලූ දේ ගැන රස වින්දනයක් තියෙන්න වුවමනායි. මොකක්ද මේ  රසවින්දනය කියන්නේ... යම් සාහිත්‍ය අංගයක අඩංගු වන දෑ මතුපිටින් වාගේම එහි ඇතුළාන්තයෙන් ද නැත්නම් අභ්‍යන්තරයෙන් ද කියවීමකින් පසු ලබා ගන්නා අර්ථය , තේරුම අපේ හිතේ සටහන් කර ගැනීම තමයි රසවින්දනය කියන්නේ. 

මම හිතනවා අපේ මේ ජිවිතයේ රිද්මය, එසේ නැත්නම් මේ විශ්වයේ රිද්මය මවගේ රිද්මය යි. මුලින් ම මේ ලෝකයට අප බිහි වූ මොහොතේ පටන් මියන තෙක් ම ඒ රිද්මය අපිත් එක්ක රැඳිලා තියනවා. අප උපන් මොහොතේ පටන් මව  මේ විශ්වීය රිද්මයට තනුව යොදලා ගායනා කරනවා. තමන්ගේ දරුවා නළවා ගන්න මවක් ලයාන්විතව නැළවිලි ගීයක් මුමුණනවා. 

ම්...ම්...ම්...ම්... මොන තරම් අපූරුද.... මේ තමයි අපේ මුල්ම විඳීම. රසවින්දනයේදීත් මෙන්න මේ රිද්මය මහා බලපෑමක් කරනවා.

අපි සාහිත්‍ය ගැන කලාව ගැන කතා කරද්දී කියැවීම ගැන සිහිපත් නොකර ම බැහැ. කියවීම මේ බොහෝ දේවල ආරම්භය වගේ ම සාර්ථකත්වයත් වෙනවා. කවියක් ලියද්දී, සත්‍ය සිදුවීමක් හේතු කර ගන්න හැකියි. ඒ වගේ ම යම් කිසි මවා ගැනීමක් එහෙම නැත්නම් යම් රූපකයක් භාවිත කරන්න හැකියි. ඒ වගේ පුංචි තැනකින් පටන් අරන් අපිටත් පුළුවන් නිර්මාණයක් කරන්න. එවිට අපටත් නොදනී ම අපි කලාවට, සාහිත්‍යට සමීප වෙනවා. මේ වගේම වටිනාකමක් ඇති දෙයක් තමයි රසවින්දනය කියන දෙය. මොනයම් ම දෙයක්වත් රස විඳින්න දන්නේ නැත්නම් සියලූ නිර්මාණ හර සුන් දේ වෙනවා. ගීතයක්  රසවිඳීම ම  නෙවෙයි, සරළව හිතන්න. ගස්කොලන්වල චලනය, ඒ චලනයන්ගේ සුන්දරත්වය, වතුර බිංදු වැටෙන හ~, අපි මේ දේවල් වලට මොන තරම් සංවේදී වෙලා තියනවා ද...?

රසවිදීම ගැන කියද්දී මේ චෝදනාව නොකරම බැහැ. බොහෝ මාධ්‍ය තමයි අපේ රසවින්දනය මොට කරන්නේ. තව ටිකක් පැහැදිලි කර ගන්න මමම කියන දේ. ගෙදර රූපවාහිනිය දැම්මොත් අපි අහන්නේ ම දකින්නේම වයස් භේදයකින් තොරව විකාශනය වෙන ගීත, නාට්‍ය නෙවෙයි ද...? මෙතන දී තමයි ගැටලූව මතු වෙන්නේ.  මේ වෙනකොට රටේ බොහෝ මාධ්‍ය විසින් අපේ රසවින්දන ශක්තිය ඒ අයට උවමනා ලෙස හසුරවන්න පටන් අරන්. අනික් පැත්තෙන් පවුල් ඒකකය ඇතුළේ රසවින්දනය වෙනස් වෙලා. මේ දෙකට මැදි වෙන ළමා පරපුරට ඒ කියන්නේ අපිට හොඳ ගීතයක්, හොඳ නාට්‍යයක්, හොඳ චිත්‍රපටියක් අඳුරා ගන්න ඇති අවස්ථාවල් ඇහිරිලා. නැති වෙලා. අන්න ඒක නිසයි මේ විදිහට කතා කර කර අලූතින්ම රසවින්දනය කියන දේ ප්‍රගුණ කරන්න වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. අපේ ජිවිත වලට එකතු කර ගන්න වෙලා තියෙන්නේ. 

මම තවත් උදාහරණයක් කියන්නම් ගී පද රචකයෙක් ගීයක් ලියද් දී ඔහු තුළ ගොඩ නැගෙන සිතිවිලි සමූහය වදන්වලට පෙරලනවා . හැබැයි ඒ වදන් වල අර්ථය ගැන මොහොතකටවත් නොහිතන රූපවාහිනී නාලිකාවක්් ඒවාට රූප රාමු සහිත දර්ශන හදනවා. ඒ බොහෝ දර්ශනවලින් ගීතයේ රචකයා හෝ ගායකතයා හෝ අපිට දනවන්න ගිය අර්ථය නෙවෙයි ලැඛෙන්නේ. හැබැයි ඔය දේ ගුවන් විදුලිය හරහා නම් වෙන්නේ නැහැ. අමරදේව ශරින්ගේ මේ ගීතය ගැන හිතුවොත්, 

වක්කඩ ලඟ... දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා.... 

මේ ගීතයට තිත්ත පැටවු උඩ පනින රූප රාමුවක් හැදුවොත් ගීතයේ ඇති හරය, අර්ථය අපේ මනසේ ඇෙඳනවා ද.? නැහැ නේද නමුත් ශ්‍රවණය විතරක් කරද්දී ඒ ගම, වෙල් යාය, ජලය, තිත්ත පැටවු කියන දේවල් වල අසිරිමත්කම, සුන්දර බව මොන තරම් හිතට නැගෙනවා ද...? ඒත් ඒ හැඟීම් අපට කාටවත් මවා දෙන්න බැහැ. අපි අපි තුළම මැවෙන්න උවමනායි. හොඳ කලා නිර්මාණයකින් වෙන්න උවමනාත් ඒ දෙයමයි.  

මට නම් හිතෙන්නේ මිනිසුන්ට අනෙකාගේ දුක දැනෙන, අනුන් වෙනුවෙන් දුක් වෙන්න හෝ  සතුටු වෙන්න, තව කෙනෙක් වෙනුවෙන් කඳුළක් හෙළන්න කියන අති සංවේදී කාරණාවන් ඉතා හොඳින් උගන් වන්න හැකියි සාහිත්‍යට. සාහිත්‍යයෙන් අපිටත් නොදැනීම ඒ පාඩම කියා දෙනවා. පොතක් කියවද්දී අපි ඒ අකුරු ඇතුලේ තියන සිදුවීම් එක්ක නොදැනීම අපි බැෙඳනවා. ඒ ඒ චරිතත් එක්ක අපි ජිවත් වෙන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම් හැබෑ ලෝකයේදී මුණ ගැහෙන්න බැරි පරමාදර්ශී චරිත එක්ක ඒ පොත
ඇතුළේ දි අපි ගණුදෙනු කරනවා. ඒ අකුරු අතර ඉන්න අජිවී චරිත අපේ ජිවිත වලට නොදැනීම ආදර්ශ එකතු කරනවා. අපේ හිතේ මැවෙන මේ දේවල් නිසා අපට හිතීමේ, මවා ගැනීමේ නැත්නම් පරිකල්පන හැකියාව වර්ධනය වෙනවා. ඒකයි කියන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා.  

සෝමලතා නැන්දා ලියපු ගීතයක් මට මතක් වෙනවා. 
  • අහන් ඉන්න අහගෙන ඉන්න....
 මගෙහිත මට මොනවද මුමුණනවා.... 

මේ ගීතය ගායනා කරන්නේ දෑස් නොපෙනෙන සොයුරියක්. ඒත් ඇය ලෝකය දකින්නේ මනසින්. බොහෝ වෙලාවට මනසින් දකින ලෝකය හරි විචිත්‍රවත්.

ආදරණිය ඔබට කියන්න තියෙන්නේ කලාව විඳින්න උවමනාමයි. ඒ තුළ තමයි අපිය අපේ ජිවිතය මුන ගැහෙන්නේ. අපි ජිවත් වන සමාජය වෙනුවෙන් යමක් කළ හැකි වෙන්නේ.

(2018 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් වලපනේ හරස්බැද්ද විද්‍යාලයේ දී කළ අදහස් දැක්වීම ඇසුරිනි.)


(චමත්ක කවීන් බණ්ඩාර)

Friday, February 15, 2019

හඳුනා ගත්තොත් ඔබ මා.....

කෙනෙකු එතරම් නොසිතන එනමුදු වඩා බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස ළමා සමාජය පිළිබඳ අවධානය අවම වීම දැක්විය හැකි ය. වර්තමානයේ දී ළමයා පරිහානිය කරා ගමන් කිරීමේ සීඝ්‍රතාව වැඩි වෙමින් පවතී.

ඒ පිළිබඳ අවධානය යොමු කර ළමා මනස පිළිබඳ අවබෝධයෙන් සරල ලිපි පෙළක් බොහොම සෙනෙහසින් ලිවීමට හිතුවා. මෙහි සඳහන් කාරණා බැලු බැල්මට ඉතා සරල සුළු කාරණා ලෙස ඔබට පෙනී යාමට පුළුවනි. දන්නවා ද අප නොහිතා බැහැර කරන සුළු කාරණා යනු අතිශයින් ම වැදගත් වන ප්‍රබල කාරණා විය හැකි ය. 

මෙහි ආමන්ත්‍රණය අපේ ම ආදර දෙමාපියන් වන ඔබට ය.

ඔබ දන්නවා ශ්‍රී ලංකාව ගැන. අටුවා ටීකා කුමටද තව. පාරිසරික ,කාලගුණික, සෞන්දර්යාත්මක හා යටිතල පහසුකම්වලින් අප ඉන්නා තැන දෙස බලන්න. එසේ බැලු කල අපේ රට තරම් සුන්දර රටක් නැතැයි ඔබට ම හිතෙන්ට පුළුවන. සැබවින් ම ඒ සියල්ල සත්‍යයකි.
ඔබ දන්නවා ද ...

  •  යොවුන් වියේ ගැබ්ගැනීම් 5.3% ,
  •  ජාතිවාදී අරගල පැවතීම
  •  සියදිවි හානි කරගැනීම්.
  •  විස්කි බ්‍රැන්ඩි පානය කෝටි  

විසිතුනක් වසරක් තුළ
ඉහත කී දෑවලින් ද අපි අන් රටවල් පරයා නැගී සිටිනවා.
ඉතින් එය එසේ වන්නේ කෙසේද ...
ඔන්න ඔබ නිතර ම මැසිවිලි නගන කාරණා කිහිපයක්.

  •  කියන දේ අහන්නෑ
  •  පෝන් එකේමයි
  •  පාඩම් කරන්නෑ
  •  නිදිමත එනවා
  •  කෙල්ලෙක් යාළු කරගෙන 
  •  පෝන් එකක් ඉල්ලල
  •  ගහන්න  එනවා...
  •  මල්ලි පේන්න බෑ 

ඉන් එක් කරුණක් ගන්නම්.
පෝන් එකක් ඉල්ලලා ගහන්න එනවා...
ළමයෙක් අම්මට ගහන්න එනවා නම් ඒ ළමයා කොතරම් නරක ද ...ඌ නම් මාරයෙක්. එහෙමනේ  ඔබ හිතන්නේ...නෑ මීට වඩා එහා ගිය කාරණයක් මේක, සියුම් ලෙස විමසා බැලිය යුතු.
මේක අහන්නකෝ...
අම්මා ටී වී බලනවා. චූටි පුතා බඩගිනි වෙලා ළ`ගට එනවා.
අම්මේ, බඩගිනි.
ඇයට නෑසේ...
අම්මේ බඩගිනි ...
ඒත් නෑසේ ...
මහ හයියෙන් ඔහු කෑගසයි...
මොන මළ ඉලව්වක් ද දන්නෑ .
මව ඛෙරිහන් දෙයි.
අනතුරුව මව දරුවා ළ`ගට ගොස් දරුවාට බිස්කට් එකක් දෙයි.
ආ මේක කන්න...
ඇය කෙතරම් පහසුවෙන් කරන්න තිබුණු වැඩක් නොකරන්නේ. 
දරුවා උගන්නේ කුමක් ද ...
අම්මට ගැහුවොත් තමයි මට දෙයක් ලැඛෙන්නේ...
එහෙනම් දැන් ලොකුවෙලත් ඔහු යමක් ඉල්ලන්නේ එසේ නොවේද ...?
ඔහු මවට ගසා හෝ පෝන් එක ගනී. මවටත් එය අරන් දීමට සිදුවෙයි...
ඉතින් මේ පුංචි කාලයේ ඇගෙන් වූ නොසැලකිලිමත්බව කෙතරම් භයානකයි ද ..?
ඔබත් මෙවැනි දේ කොපමණ කරනවා ද ...?
මොළයේ උපාගම සීයට අනූවක් හැදෙන්නේ අවුරුදු පහ වන විට. ඒ කාලය කියන්නේ දරුවාගේ සම්පූර්ණ අනාගතය .ඒ කාලයේ සියල්ල අනාගතයේ බලපායි. දරුවා හදනවා කියා විනාශ කරන්නෙත් ආදරනීය දෙමාපියන් ම නේද ?
අපි තව කතා කරමු...
මතුවට බැඳේ...

සටහන
මනෝජ් ප්‍රසන්න

බාධක සැම බිඳ ජය කෙහෙලි නැංවූ කහපොළ ශ්‍රී පඤ්ඤානන්දය

වලාකුළෙන් තොර අඹර මෙන් නීල වර්ණයෙන් පිරි දිය දහර රැගත් බොල්ගොඩ ගං කොමළිය නිසොල්මනේ ඇදී ගියේ කහපොළ ගම් පියසේ  සුන්දරත්වය තව තවත් නංවමිනි. කළු ගෙඟ් අතු ශාඛාවක් වූ ගමට දකුණුපසින් ගමන් කරන නදිය කළුතර හා කොළඹ දිස්ත්‍රික් ද්විත්වය වෙන් කරයි. එදා එතරම් ජනගහනයක් ජීවත් නො වූ ගණ කැලෑවෙන් ගහන වටපිටාවකින් හෙබි හුදකලා ගම්මානයක් වූ කහපොළ අද, කහපොළ හා රෙජිඩේල්වත්ත නම් වූ ග්‍රාම නිලධාරී කොට්ඨාස ද්විත්වයකින් සමන්විත 4000 කට ආසන්න  ජනගහනයක් වෙසෙන කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමයකි.

එවක කැලෑබදව පිහිටි ගමේ විහාරස්ථානයේ භික්ක‍ෂූන් වහන්සේ නමක් නොවීය. මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් ගමේ දායක පිරිස එකතුව ගොස් එවකට වලානේ ශ්‍රී සරණපාලාරාමාධිපතිව වැඩ විසූ විචිත්‍රභාණක සද්ධර්මාචාර්ය වලානේ ශ්‍රී ධම්මානන්ද අධිකරණ නායක හිමිපාණන් වහන්සේ වෙතින් කහපොළ විහාරස්ථානයට ස්වාමීන්වහන්සේලා දෙනමක් වැඩමකරවා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. වලාන විහාරස්ථානයේ කිසිඳු හිමිනමක් ඒ ආරාධනාව පිළිගැනීමට කැමති නොවූ හෙයින් නායක හිමිපාණන් මහත් අපහසුතාවට පත් විය. නායක හිමියන් පත්ව සිටි අපහසුතාවය දුටු කොරලන්පොත්තතේ ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ කහපොළ ග්‍රාමයේ වූ මේ කැලයෙන් වට වූ විහාරස්ථානය වස් විසීම සඳහා තෝරා ගත්තේය. වර්ෂ 1927 දී සිදු වූ උන්වහන්සේගේ එම ආගමනයෙන් විහාරස්ථානයට මෙන් ම ගමේ භෞතික සමාජයීය මෙන් ම ගැමියන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයේ නව ආරම්භය වූ බව ගමේ පැරැන්නෝ පවසති. අද කහපොළ ඇති සංවර්ධනයේ ගෞරවය නිතැතින් හිමිවිය යුත්තේ උන්වහන්සේට ය.

බොහෝ කම්කටොළු රැසකට මුහුණදෙමින් ගම දියුණුව කරා ගෙන යන ගමනේ දී පාඨශාලාවක අඩුව විශාල ප්‍රතිරෝධයක් බව උන්වහන්සේට අවබෝධ විය. එහි මූලික අඩිතාලම ලෙස ගමට පාසලක් ලබා දෙන ලෙස වර්ෂ 1929 අගෝස්තු 19 වන දින උන්වහන්සේ එවක කොළඹ මහ දිසාපතිතුමන්හට පෙත්සමක් මගින් දැනුම් දුන්හ. එවක බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති මෙරට සාමාන්‍ය වැසියන්ගෙන් විවිධ අය බදු එකතු කරමින් පීඩාකාරී පාලනයක් ගෙන ගිය සමයකි. මාස කිහිපයක් ඉකුත් විය. පෙත්සමට පිලිතුරන් නොවූ තැන පඤ්ඤානන්ද හිමියන් තම දායක පිරිස කැටුව අවිහිංසාවාදී සටනකට පණපෙවී ය. ගමට පාසලක් ලබා දෙන තුරු තමන් ඇඟ බදු නොගෙවන බව පවසමින් පඤ්ඤානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් එවක මහ දිසාපතිතුමාට 1930 අප්‍රේල් 29 දින පෙත්තමක් මගින් දැන්වි ය. වර්ෂ 1930 මැයි 22 වන දින මෙම පෙත්සම විභාගයට ලක්කළ අතර එවක කොළඹ උප දිසාපති වූ ඊ. ඩබ්. කන්නන්ගර මහතා විසින් කහපොළ ගමට පාසලක් ලබා දීමට තීරණය කළේ ය. සතුටින් පිනාගිය ගම් වැසියන් එවක නාපිරිත්ත ලන්ද නමින් හැඳින් වූ ඉඩම පාසලට පරිත්‍යාග කරීමට ඉදිරිපත් විය.

කහපොළ ග්‍රාමයේ ස්වර්ණමය සංධිස්ථානයක් තබමින් වර්ෂ 1934 අගෝස්තු මස 1 වන දින ගරු කෝරළන්පොත්තේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් විසින් කහපොළ කනිෂ්ඨ විද්‍යාලය ඇරඹීය. කහපොළ මෙන්ම ඒ අවට සිසු දරුකැලගේ නැණ හසර පෑදූ කහපොළ කනිටු විදුහලේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ එච්. ආර්. ප්‍රනාන්දු මහතායි. ඉන් අනතුරුව සූරසේන, පී.ඩී.බී. අබේසේකර, පී.සී. පෙරේරා, පී.ඩී.ඊ. පෙරේරා, කේ.ඩී. සීමොන්, කේ. ඩී. සමරසිංහ, එච්. ඩී. සිරිසේන, ඩබ්.ඩී. සිරිසේන, පී. වෛද්‍යවික්‍රම, කේ.බී.එල්. ගුණසේකර, ඒ.එන්.ඒ. පෙරේරා, ඩී.එම්.කේ. දිසානායක, කේ.ඒ. ඩී. චන්ද්‍රසිරි, පී. කේ. සුමනදාස, එන් දසනායක ගුරු පියරුන් පාසල් පිංකෙත පෝෂණය කරන්නට තම ගුරුමණ්ඩලය හා එක්ව කටයුතු කළේය.

නොයෙක් හැලහැප්පීම්වලට භාජනය වූ කහපොළ කණිටු මව වර්ෂ 2003 වන විට වැසී යාමේ තර්ජයට මුහුණ දුනි. පැවති තත්ත්වය යටතේ ගැමියන් තම දරු දැරියන් අවට හා පිළියන්දල නගරයේ පිහිටි පාසල්වලට යොමු කරවී ය. පාසලට පැමිණීමට කිසි විදුහල්පතිවරයෙකු අකමැති විය. එවන් අවස්ථාවක වැඩබලන විදුහල්පතිවරයකු ලෙස පාසලට පැමිණි වෛද්‍ය වසන්ත රුක්මාල් ගුරු පියාණන් නැවතත් අද ගෙවන පාසලේ ස්වර්ණමය යුගය ඇතිකරන්නට පෙරමුණ ගත්තේ අතළොස්සක් වූ ගුරු මණ්ඩලය හා 117 ක් වූ සිසු පිරිස සමඟය. දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට පා තැබූ විදු පියස වර්ෂ 2008 දී තම ආදි කතුවන අතිගරු කෝරළන්පොත්තේ ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේට කරන ගරු කිරීමක් වශයෙන් කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය ලෙස නම් විය. zzආපදාන සෝභිනී පඤ්ඤාZZ ආදර්ශ පාඨය කර ගනිමින් එදා කණිෂ්ඨ පාසලක් වූ එය අද පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරු දැරියන් 600 ආසන්න ප්‍රමාණයකගේ නැණ හසර පාදයි.

අසූපස් වියට පා තබා ඇති පිළියන්දල අධ්‍යාපන කළාපයේ ඉහළින් වැජඛෙන ශ්‍රී පඤ්ඤානන්ද විදුමව මේ වන විට නැණ ගුණ සපිරි දරු පිරිසක් දැයට බිහි කරීමට සමත්ව ඇත. නොයෙක් විෂයානුබද්ධ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් හි දී නගරයේ පාසල් පරයා ඉදිරියට පැමිණීමට අද වන විට පඤ්ඤානන්දයේ දරුවන් සමත්ව ඇත. කොට්ඨාස, කලාප, පළාත් හා දීපව්‍යාප්ත මට්ටමේ තරඟ ජයග්‍රහණයන් නිරන්තරයෙන් පඤ්ඤානන්ද දරු දැරියනට හිමිය. ගහකොළින් පිරුණු පාසල් පරිසරය නිරන්තරයෙන් පරිසර හිතකාමීන්ගේ ඇගයීම්වලට ලක්වෙති.

තම පෞද්ගලික උවමනා එපාකම් පසෙක ලා දරු දැරියනගේ අනාගතය හෙළි පෙහෙළි කරන්නට ගුරු මව්පියන් කරන මෙහෙය අපමණය. පඤ්ඤානන්දයේ එතෙක් මෙතෙක් දරු දැරියනගේ නැණ හසර පාදන ගරු විදුහල්පතිවරු ඇතුළු ගුරු මව්පියන් සිහිපත් කරන්නේ ඉතාමත් හද බැතියෙනි. එදා පඤ්ඤානන්ද හිමියන් දුටු ආනන්දය අද ගමට පමණක් නොව මුළු රටටම දායාද කරමින් වැදූ මව සේ තම දරු කැළට ආදරය කරුණාව ලබා දී නැණවත් ගුණවත් දරු පිරිසක් ලොවට දායාද කිරීමට කහපොළ ශ්‍රී  පඤ්ඤානන්ද විදුමවට තවතවත් ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා යි පතමු.

සටහන
හිරුණී හංසිකා


ඔබ මා දිවි ගෙවන වත්මන සතුටු දායක ද?

මෙම විමසුමට පිළිතුරු සැපයීම දුෂ්කර ය. සමාජය රුදුරු සැහැසි ක්‍රියාවන්ගෙන් ගහන වී තිබේ. පවතින අයහපත සමනය කළ යුත්තෝ භීතියට පත් ව සිටිති. මේ සඳහා වන විසඳුම් සෙවීමේ අභියෝගය භාරගත යුතුය. අතීතය පුරා වරින්වර රාව ප්‍රතිරාව නැංවූවකි.


මෙය නීතිය බලගැන්වීමෙන් කළ හැකියි යන්න විශ්වාස කරන පිරිසකි. එය පූර්ණ සත්‍යයෙන් බැහැර පිළිගැනීමක් වේ. සමාජ සමනයට සංවේදී පිරිසක් තැනිය යුතු ය. මෙහිලා ආකල්ප දිගුවකට ප්‍රවේශවීම කඩිනම් අවශ්‍යතාවකි. අදාළ භාවිතයට තෝරාගන්නා මාධ්‍ය විවාදාත්මක ය.

මේ චර්යාමය වෙනස කිරීම පාසලකට අත්හළ නොහැකි වගකීමකි. පසුකල හතළිස් පස් වසක ප්‍රායනය නිශ්ඵලය. නිශචිත නිපුණතා අත්කර දීමේ විෂය මාලාව ගැටළු සහගත වේ. අපට අවැසි පුරවැසි අධ්‍යාපනය පරිනත වී නොමැත. මේ සඳහා අධ්‍යාපනඥයින්ගේ මැදිහත්වීම ප්‍රමාණික නොවේ.

නිර්මාණකරණයේ තිඹිරි ගෙය වූයේ පාසලයි. කිවියන්, ලේඛකයන්, නාට්‍යකරුවන්, නර්තන ශිල්පීන් විශාල ලෙස ජනගත විය. සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සිදුකළ ප්‍රායෝගික ප්‍රාතිහාර්යකි. ඔවුන්ගේ නිර්මාණ මානව පැවැත්මේ යහපත උදෙසා විය. මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ ගැටළු නිර්මාණ තුළින් සංවාදයට ලක් කළෝ ය. පිටු සීමා මායිම් අතික්‍රමණය කරමින් මානව දයාව හදවත් තුළ ගොඩ නැගී ය. එකින් එකා හුදකලා නොවූ අතීත ශික‍ෂණය එම සමාජ ක්‍රමයේ රහසකි.

සම්භාව්‍ය සාහිත්‍යවේදීන් බහුතරයක් බිහි වී තිඛෙන්නේ් පාසලෙනි. මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී චන‍ද්‍රරත්න මානවසිංහ, පී.බී. අල්විස් පෙරේරා, ඩබ්.ඒ. සිල්වා, ජී.බී. සේනානායක ඉන් කිහිප දෙනෙකි. සාගර පලන්සූරිය, ජී.එච්. පෙරේරා රැපියල් තෙන්නකෝන්, මුණිදාස කුමාරතුංග යන වියත් සාහිත්‍යධරයෝ පාසල් ආභාස ගුරු විද්‍යාලයෙන් ඔපවත් කර ගත්තෝය.

පාසලේ සාහිත්‍ය සතක අභ්‍යාසයන් සරසවියෙන් ඔපවත් කරගත හැකිය. රසෝත්පාදනයේ ප්‍රමුඛාලෝකය පාසලෙන් උපයාගත යුක්තක් වේ. එම නිසා සරසවිවලින් බැහැරව බිහි වූ ඉහත සාහිත්‍යවේදීන් සුවිශේෂිතය. ඔවුන්ගේ නිර්මාණ විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ අධ්‍යනවලට බඳුන් වේ. එමගින් සිය සාහිත්‍ය නිර්මාණ වල දාර්ශනික වටිනාකම අවබෝධ කරගත හැකිය.

වර්තමානයේ ද ඉහත කුලකයට අයත් කලාකරුවන් විරල නොවේ. පරාක්‍රම කොඩිතුවක්කු. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, එවැනි ප්‍රතිභාවයන්ගෙන් යුත් සාහිත්‍යවේදීන් ය. මෙම පූර්වාදර්ශයන් පාසල් නියමුවන්ට පෙනෙන නොපෙනෙන සේ ය.

වර්තමාන පාසලේ සිංහල භාෂාව හා සාහිත්‍ය වේ. මාධ්‍ය හා සන්නිවේදනය යනුවෙන් ද විෂයක් වෙයි. මෙම විෂය ගුරු භූමිකාවන් විභාග ගත ඉලක්කයන්ට සීමා වී ඇත. විද්‍යාර්ථ විභවශක්තිය සමාජ කේන‍ද්‍රීයභාවයෙන් මිදී ගොස් ය. මෙම තත්වය සංවේදී බව ගිලිහුණු යාන්ත්‍රික සමාජ භාවයකට හේතු වේ. පවතින පසුබිම සාහිත්‍ය ප්‍රවර්ධනයට පහසුකම් සපයන්නක් නොවන බව පැහැදිලිය. මෙම රළු රික්තය අනෝ්‍යන්‍ය සංහිදියා සහජීවනයට ප්‍රභල බාධාවකි.

රටේ කොතනක හෝ කලා සංවිධානයක් කලඑළි බැසීම මංගල ප්‍රවේශයකි. මක් නිසාද යත්, කලාවේ හා සාහිත්‍යයේ සංවිධිතභාවක් ඇති වන බැවිනි. එහි ගැවසෙන්නන්ගේ සතතාඅභ්‍යාස නිසා කලාවේ විශ්ව මානයක් හඳුනාගත හැකිය. ඉන් මතුවන පරිකල්පනයක් නිර්මාණ ලෙස සමාජගත වනු ඇත. එවැන්න යළි මානුෂවාදී සමාජයක් උදෙසා ඇතිවන සංවාදයක් නොවන්නේ ද?

සටහන
වෛද්‍ය ලක‍ෂ්මන් වසන්ත රුක්මාල්

Friday, February 1, 2019

සෙනහසේ මැදිහත්වීමෙන් කහපොළ පුස්තකාලය විවෘත කිරීම පෙබරවාරි 09


පිළියන්දල, කහපොළ, රෙජිඩේල්වත්ත පුස්තකාලය පෙබරවාරි 09 වන දින රෙජිඩේල්වත්ත ප්‍රජා මණ්ඩල ශාලාවේ දී උත්සවාකරයෙන් සිදු කිරීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත. මීට ඉහත ප්‍රජා මණ්ඩලය විසින් කැස්බෑව නගර සභාව හා එක්ව පුස්තකාලයක් විවෘත කළ ද එය, ඉතා කෙටි කලකින් වසා දැමිණි.
ප්‍රදේශයේ දුවා දරුවන් හට කියවීම සඳහා පොත් ලබා ගැනීම උදෙසා පිළියන්දල නගර සභා පුස්තකාලය වෙත යාමට සිදු විණ. කළක් තිස්සේ පැවති මෙම දුෂ්කරතාව දුටු සෙනහෙස කලා පදනම හා සෙනෙහස ළමා සමාජය එක්ව, අධ්‍යාපනය හදාරන ප්‍රදේශවාසී දුවා දරුවන්ට වන එම දුෂ්කරතාව මග හරිමින්, ඔවුන්ගේ අධ්‍යාපනයට අත්වැලක් සපයමින්, මෙම පුස්තකාලය විවෘත කිරීමට කටයුතු සංවිධානය කළේ ය. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් පුස්තකාලයට අවශ්‍ය පොත් පත් බොහෝ ප්‍රමාණයක් එකතුකර ගැනීමට ද සෙනෙහස කලා පදනමට හැකියාව ලැබිණි.

මීට අමතරව ඉදිරියේ දී දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම වෙනුවෙන් මෙන් ම, ළමා මනස ශක්තිමත් කරමින් ශවුන්ගේ හැකියාවන් වර්ධනයට අත්වැල සපයමින් නැණවත් සේ ම ගුණවත් දරු පරපුරක් දැයට දායාද කරනුවස් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙනෙහස කලා පදනම කටයුතු සැලසුම් කර ඇත.

සටහන
සංඛ ලියනගේ