වලාකුළෙන් තොර අඹර මෙන් නීල වර්ණයෙන් පිරි දිය දහර රැගත් බොල්ගොඩ ගං
කොමළිය නිසොල්මනේ ඇදී ගියේ කහපොළ ගම් පියසේ සුන්දරත්වය තව තවත් නංවමිනි. කළු ගෙඟ් අතු ශාඛාවක් වූ ගමට දකුණුපසින්
ගමන් කරන නදිය කළුතර හා කොළඹ දිස්ත්‍රික් ද්විත්වය වෙන් කරයි. එදා එතරම් ජනගහනයක්
ජීවත් නො වූ ගණ කැලෑවෙන් ගහන වටපිටාවකින් හෙබි හුදකලා ගම්මානයක් වූ කහපොළ අද,
කහපොළ හා රෙජිඩේල්වත්ත නම් වූ ග්‍රාම නිලධාරී කොට්ඨාස ද්විත්වයකින් සමන්විත 4000
කට ආසන්න ජනගහනයක් වෙසෙන කොළඹ
දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමයකි.
එවක කැලෑබදව පිහිටි ගමේ
විහාරස්ථානයේ භික්කෂූන් වහන්සේ නමක් නොවීය. මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් ගමේ දායක
පිරිස එකතුව ගොස් එවකට වලානේ ශ්‍රී සරණපාලාරාමාධිපතිව වැඩ විසූ විචිත්‍රභාණක
සද්ධර්මාචාර්ය වලානේ ශ්‍රී ධම්මානන්ද අධිකරණ නායක හිමිපාණන් වහන්සේ වෙතින් කහපොළ
විහාරස්ථානයට ස්වාමීන්වහන්සේලා දෙනමක් වැඩමකරවා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. වලාන
විහාරස්ථානයේ කිසිඳු හිමිනමක් ඒ ආරාධනාව පිළිගැනීමට කැමති නොවූ හෙයින් නායක
හිමිපාණන් මහත් අපහසුතාවට පත් විය. නායක හිමියන් පත්ව සිටි අපහසුතාවය දුටු කොරලන්පොත්තතේ
ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ කහපොළ ග්‍රාමයේ වූ මේ කැලයෙන් වට වූ විහාරස්ථානය
වස් විසීම සඳහා තෝරා ගත්තේය. වර්ෂ 1927 දී සිදු වූ උන්වහන්සේගේ එම ආගමනයෙන්
විහාරස්ථානයට මෙන් ම ගමේ භෞතික සමාජයීය මෙන් ම ගැමියන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයේ නව
ආරම්භය වූ බව ගමේ පැරැන්නෝ පවසති. අද කහපොළ ඇති සංවර්ධනයේ ගෞරවය නිතැතින් හිමිවිය
යුත්තේ උන්වහන්සේට ය.
බොහෝ කම්කටොළු රැසකට
මුහුණදෙමින් ගම දියුණුව කරා ගෙන යන ගමනේ දී පාඨශාලාවක අඩුව විශාල ප්‍රතිරෝධයක් බව
උන්වහන්සේට අවබෝධ විය. එහි මූලික අඩිතාලම ලෙස ගමට පාසලක් ලබා දෙන ලෙස වර්ෂ 1929
අගෝස්තු 19 වන දින උන්වහන්සේ එවක කොළඹ මහ දිසාපතිතුමන්හට පෙත්සමක් මගින් දැනුම්
දුන්හ. එවක බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති මෙරට සාමාන්‍ය වැසියන්ගෙන් විවිධ
අය බදු එකතු කරමින් පීඩාකාරී පාලනයක් ගෙන ගිය සමයකි. මාස කිහිපයක් ඉකුත් විය.
පෙත්සමට පිලිතුරන් නොවූ තැන පඤ්ඤානන්ද හිමියන් තම දායක පිරිස කැටුව අවිහිංසාවාදී
සටනකට පණපෙවී ය. ගමට පාසලක් ලබා දෙන තුරු තමන් ඇඟ බදු නොගෙවන බව පවසමින් පඤ්ඤානන්ද
හිමියන්ගේ මූලිකත්වයෙන් එවක මහ දිසාපතිතුමාට 1930 අප්‍රේල් 29 දින පෙත්තමක් මගින්
දැන්වි ය. වර්ෂ 1930 මැයි 22 වන දින මෙම පෙත්සම විභාගයට ලක්කළ අතර එවක කොළඹ උප
දිසාපති වූ ඊ. ඩබ්. කන්නන්ගර මහතා විසින් කහපොළ ගමට පාසලක් ලබා දීමට තීරණය කළේ ය.
සතුටින් පිනාගිය ගම් වැසියන් එවක නාපිරිත්ත ලන්ද නමින් හැඳින් වූ ඉඩම පාසලට පරිත්‍යාග
කරීමට ඉදිරිපත් විය.
කහපොළ ග්‍රාමයේ ස්වර්ණමය
සංධිස්ථානයක් තබමින් වර්ෂ 1934 අගෝස්තු මස 1 වන දින ගරු කෝරළන්පොත්තේ ශ්‍රී
පඤ්ඤානන්ද හිමියන් විසින් කහපොළ කනිෂ්ඨ විද්‍යාලය ඇරඹීය. කහපොළ මෙන්ම ඒ අවට සිසු
දරුකැලගේ නැණ හසර පෑදූ කහපොළ කනිටු විදුහලේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ එච්. ආර්.
ප්‍රනාන්දු මහතායි. ඉන් අනතුරුව සූරසේන, පී.ඩී.බී. අබේසේකර, පී.සී. පෙරේරා,
පී.ඩී.ඊ. පෙරේරා, කේ.ඩී. සීමොන්, කේ. ඩී. සමරසිංහ, එච්. ඩී. සිරිසේන, ඩබ්.ඩී.
සිරිසේන, පී. වෛද්‍යවික්‍රම, කේ.බී.එල්. ගුණසේකර, ඒ.එන්.ඒ. පෙරේරා, ඩී.එම්.කේ.
දිසානායක, කේ.ඒ. ඩී. චන්ද්‍රසිරි, පී. කේ. සුමනදාස, එන් දසනායක ගුරු පියරුන් පාසල්
පිංකෙත පෝෂණය කරන්නට තම ගුරුමණ්ඩලය හා එක්ව කටයුතු කළේය.
නොයෙක් හැලහැප්පීම්වලට
භාජනය වූ කහපොළ කණිටු මව වර්ෂ 2003 වන විට වැසී යාමේ තර්ජයට මුහුණ දුනි. පැවති
තත්ත්වය යටතේ ගැමියන් තම දරු දැරියන් අවට හා පිළියන්දල නගරයේ පිහිටි පාසල්වලට යොමු
කරවී ය. පාසලට පැමිණීමට කිසි විදුහල්පතිවරයෙකු අකමැති විය. එවන් අවස්ථාවක වැඩබලන
විදුහල්පතිවරයකු ලෙස පාසලට පැමිණි වෛද්‍ය වසන්ත රුක්මාල් ගුරු පියාණන් නැවතත් අද
ගෙවන පාසලේ ස්වර්ණමය යුගය ඇතිකරන්නට පෙරමුණ ගත්තේ අතළොස්සක් වූ ගුරු මණ්ඩලය හා 117
ක් වූ සිසු පිරිස සමඟය. දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට පා තැබූ විදු පියස වර්ෂ
2008 දී තම ආදි කතුවන අතිගරු කෝරළන්පොත්තේ ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේට කරන
ගරු කිරීමක් වශයෙන් කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය ලෙස නම් විය. zzආපදාන සෝභිනී
පඤ්ඤාZZ ආදර්ශ පාඨය කර ගනිමින් එදා කණිෂ්ඨ පාසලක් වූ එය අද පළමු ශ්‍රේණියේ සිට
සාමාන්‍ය පෙළ දක්වා දරු දැරියන් 600 ආසන්න ප්‍රමාණයකගේ නැණ හසර පාදයි.
අසූපස් වියට පා තබා ඇති
පිළියන්දල අධ්‍යාපන කළාපයේ ඉහළින් වැජඛෙන ශ්‍රී පඤ්ඤානන්ද විදුමව මේ වන විට නැණ
ගුණ සපිරි දරු පිරිසක් දැයට බිහි කරීමට සමත්ව ඇත. නොයෙක් විෂයානුබද්ධ මෙන්ම විෂය
බාහිර ක්‍රියාකාරකම් හි දී නගරයේ පාසල් පරයා ඉදිරියට පැමිණීමට අද වන විට
පඤ්ඤානන්දයේ දරුවන් සමත්ව ඇත. කොට්ඨාස, කලාප, පළාත් හා දීපව්‍යාප්ත මට්ටමේ තරඟ
ජයග්‍රහණයන් නිරන්තරයෙන් පඤ්ඤානන්ද දරු දැරියනට හිමිය. ගහකොළින් පිරුණු පාසල්
පරිසරය නිරන්තරයෙන් පරිසර හිතකාමීන්ගේ ඇගයීම්වලට ලක්වෙති.
තම පෞද්ගලික උවමනා එපාකම්
පසෙක ලා දරු දැරියනගේ අනාගතය හෙළි පෙහෙළි කරන්නට ගුරු මව්පියන් කරන මෙහෙය අපමණය.
පඤ්ඤානන්දයේ එතෙක් මෙතෙක් දරු දැරියනගේ නැණ හසර පාදන ගරු විදුහල්පතිවරු ඇතුළු ගුරු
මව්පියන් සිහිපත් කරන්නේ ඉතාමත් හද බැතියෙනි. එදා පඤ්ඤානන්ද හිමියන් දුටු ආනන්දය
අද ගමට පමණක් නොව මුළු රටටම දායාද කරමින් වැදූ මව සේ තම දරු කැළට ආදරය කරුණාව ලබා
දී නැණවත් ගුණවත් දරු පිරිසක් ලොවට දායාද කිරීමට කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විදුමවට තවතවත් ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා යි පතමු.
සටහන
හිරුණී හංසිකා

0 comments:
Post a Comment