මෙවර සෙනෙහස සගරාවට අලුත් මුහුණුවරක් එක්කිරීමට 'සෙනෙහස' කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත. පළමු සඟරාව කියවූ පාඨකයන්ගේ අදහස් යොජනා චෝදනා සැලකිල්ලට ගෙන මෙවර සඟරාවේ බාහිර පෙනුම මෙන් ම, ගුරු දෙගුරු දූ දරු සැමට යන තේමාව යටතේ හරවත් ලිපි, දරුවන්ගේ නිර්මාණ සහ දරුවන් විසින් ඇඳි සිතුවම් ද එක් කර ඇති අතර, අප්‍රේල් කලාපයේ සිට මුල්කවරය පාසල් දරුවකුගේ සිතුවමින් වර්ණවත් කිරීමට ද කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත.
පළමු කලාපය සේ ම ලිපි පෙළ සකසා ඇති අතර ප්‍රවීණ ලේඛක ගයාන් අඛේසිංහ සහ ප්‍රවීණ ගීත රචිකාවිය යමුනා මාලනිය ද මෙවර සඟරාවට තම සම්පත් දායකත්වය ලබා දෙයි. යමුණා මාලනිය විසින් තෝරාගනු ලබන කැපී පෙනෙන කවියට ඇය විසින් රචිත කෘතියක් පිරිනැමීමට ද ඇය කටයුතු කර ඇත. එලෙස ම ප්රහේළිකාවට පිළිතුරු එවා කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්රාහකයාට ද තිළිණ හිමි වන අතර දරුවන්ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමට ද කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත.
දූදරුවන්ගේ නිර්මාණ, කවි ගීත, නිසඳැස්, සඳැස් චිත්‍ර ඇතුළු නිර්මාණ පහත ලිපිනයට එවිය හැකි ය.
සෙනෙහස සඟරාව
නො. 86/2, ආර්, කහපොළ, මඩපාත.
විද්‍යුත් ලිපිනය
senehasamag@gmail.com
0 comments:
Post a Comment