Friday, February 15, 2019

ඔබ මා දිවි ගෙවන වත්මන සතුටු දායක ද?

මෙම විමසුමට පිළිතුරු සැපයීම දුෂ්කර ය. සමාජය රුදුරු සැහැසි ක්‍රියාවන්ගෙන් ගහන වී තිබේ. පවතින අයහපත සමනය කළ යුත්තෝ භීතියට පත් ව සිටිති. මේ සඳහා වන විසඳුම් සෙවීමේ අභියෝගය භාරගත යුතුය. අතීතය පුරා වරින්වර රාව ප්‍රතිරාව නැංවූවකි.


මෙය නීතිය බලගැන්වීමෙන් කළ හැකියි යන්න විශ්වාස කරන පිරිසකි. එය පූර්ණ සත්‍යයෙන් බැහැර පිළිගැනීමක් වේ. සමාජ සමනයට සංවේදී පිරිසක් තැනිය යුතු ය. මෙහිලා ආකල්ප දිගුවකට ප්‍රවේශවීම කඩිනම් අවශ්‍යතාවකි. අදාළ භාවිතයට තෝරාගන්නා මාධ්‍ය විවාදාත්මක ය.

මේ චර්යාමය වෙනස කිරීම පාසලකට අත්හළ නොහැකි වගකීමකි. පසුකල හතළිස් පස් වසක ප්‍රායනය නිශ්ඵලය. නිශචිත නිපුණතා අත්කර දීමේ විෂය මාලාව ගැටළු සහගත වේ. අපට අවැසි පුරවැසි අධ්‍යාපනය පරිනත වී නොමැත. මේ සඳහා අධ්‍යාපනඥයින්ගේ මැදිහත්වීම ප්‍රමාණික නොවේ.

නිර්මාණකරණයේ තිඹිරි ගෙය වූයේ පාසලයි. කිවියන්, ලේඛකයන්, නාට්‍යකරුවන්, නර්තන ශිල්පීන් විශාල ලෙස ජනගත විය. සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සිදුකළ ප්‍රායෝගික ප්‍රාතිහාර්යකි. ඔවුන්ගේ නිර්මාණ මානව පැවැත්මේ යහපත උදෙසා විය. මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ ගැටළු නිර්මාණ තුළින් සංවාදයට ලක් කළෝ ය. පිටු සීමා මායිම් අතික්‍රමණය කරමින් මානව දයාව හදවත් තුළ ගොඩ නැගී ය. එකින් එකා හුදකලා නොවූ අතීත ශික‍ෂණය එම සමාජ ක්‍රමයේ රහසකි.

සම්භාව්‍ය සාහිත්‍යවේදීන් බහුතරයක් බිහි වී තිඛෙන්නේ් පාසලෙනි. මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී චන‍ද්‍රරත්න මානවසිංහ, පී.බී. අල්විස් පෙරේරා, ඩබ්.ඒ. සිල්වා, ජී.බී. සේනානායක ඉන් කිහිප දෙනෙකි. සාගර පලන්සූරිය, ජී.එච්. පෙරේරා රැපියල් තෙන්නකෝන්, මුණිදාස කුමාරතුංග යන වියත් සාහිත්‍යධරයෝ පාසල් ආභාස ගුරු විද්‍යාලයෙන් ඔපවත් කර ගත්තෝය.

පාසලේ සාහිත්‍ය සතක අභ්‍යාසයන් සරසවියෙන් ඔපවත් කරගත හැකිය. රසෝත්පාදනයේ ප්‍රමුඛාලෝකය පාසලෙන් උපයාගත යුක්තක් වේ. එම නිසා සරසවිවලින් බැහැරව බිහි වූ ඉහත සාහිත්‍යවේදීන් සුවිශේෂිතය. ඔවුන්ගේ නිර්මාණ විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ අධ්‍යනවලට බඳුන් වේ. එමගින් සිය සාහිත්‍ය නිර්මාණ වල දාර්ශනික වටිනාකම අවබෝධ කරගත හැකිය.

වර්තමානයේ ද ඉහත කුලකයට අයත් කලාකරුවන් විරල නොවේ. පරාක්‍රම කොඩිතුවක්කු. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, එවැනි ප්‍රතිභාවයන්ගෙන් යුත් සාහිත්‍යවේදීන් ය. මෙම පූර්වාදර්ශයන් පාසල් නියමුවන්ට පෙනෙන නොපෙනෙන සේ ය.

වර්තමාන පාසලේ සිංහල භාෂාව හා සාහිත්‍ය වේ. මාධ්‍ය හා සන්නිවේදනය යනුවෙන් ද විෂයක් වෙයි. මෙම විෂය ගුරු භූමිකාවන් විභාග ගත ඉලක්කයන්ට සීමා වී ඇත. විද්‍යාර්ථ විභවශක්තිය සමාජ කේන‍ද්‍රීයභාවයෙන් මිදී ගොස් ය. මෙම තත්වය සංවේදී බව ගිලිහුණු යාන්ත්‍රික සමාජ භාවයකට හේතු වේ. පවතින පසුබිම සාහිත්‍ය ප්‍රවර්ධනයට පහසුකම් සපයන්නක් නොවන බව පැහැදිලිය. මෙම රළු රික්තය අනෝ්‍යන්‍ය සංහිදියා සහජීවනයට ප්‍රභල බාධාවකි.

රටේ කොතනක හෝ කලා සංවිධානයක් කලඑළි බැසීම මංගල ප්‍රවේශයකි. මක් නිසාද යත්, කලාවේ හා සාහිත්‍යයේ සංවිධිතභාවක් ඇති වන බැවිනි. එහි ගැවසෙන්නන්ගේ සතතාඅභ්‍යාස නිසා කලාවේ විශ්ව මානයක් හඳුනාගත හැකිය. ඉන් මතුවන පරිකල්පනයක් නිර්මාණ ලෙස සමාජගත වනු ඇත. එවැන්න යළි මානුෂවාදී සමාජයක් උදෙසා ඇතිවන සංවාදයක් නොවන්නේ ද?

සටහන
වෛද්‍ය ලක‍ෂ්මන් වසන්ත රුක්මාල්

0 comments:

Post a Comment