කෙනෙකු එතරම් නොසිතන එනමුදු වඩා බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස ළමා සමාජය පිළිබඳ අවධානය අවම වීම දැක්විය හැකි ය. වර්තමානයේ දී ළමයා පරිහානිය කරා ගමන් කිරීමේ සීඝ්‍රතාව වැඩි වෙමින් පවතී.
ඒ පිළිබඳ අවධානය යොමු කර ළමා මනස පිළිබඳ අවබෝධයෙන් සරල ලිපි පෙළක් බොහොම සෙනෙහසින් ලිවීමට හිතුවා. මෙහි සඳහන් කාරණා බැලු බැල්මට ඉතා සරල සුළු කාරණා ලෙස ඔබට පෙනී යාමට පුළුවනි. දන්නවා ද අප නොහිතා බැහැර කරන සුළු කාරණා යනු අතිශයින් ම වැදගත් වන ප්‍රබල කාරණා විය හැකි ය.
මෙහි ආමන්ත්‍රණය අපේ ම ආදර දෙමාපියන් වන ඔබට ය.
ඔබ දන්නවා ශ්‍රී ලංකාව ගැන. අටුවා ටීකා කුමටද තව. පාරිසරික ,කාලගුණික, සෞන්දර්යාත්මක හා යටිතල පහසුකම්වලින් අප ඉන්නා තැන දෙස බලන්න. එසේ බැලු කල අපේ රට තරම් සුන්දර රටක් නැතැයි ඔබට ම හිතෙන්ට පුළුවන. සැබවින් ම ඒ සියල්ල සත්‍යයකි.
ඔබ දන්නවා ද ...
- යොවුන් වියේ ගැබ්ගැනීම් 5.3% ,
- ජාතිවාදී අරගල පැවතීම
- සියදිවි හානි කරගැනීම්.
- විස්කි බ්‍රැන්ඩි පානය කෝටි
විසිතුනක් වසරක් තුළ
ඉහත කී දෑවලින් ද අපි අන් රටවල් පරයා නැගී සිටිනවා.
ඉතින් එය එසේ වන්නේ කෙසේද ...
ඔන්න ඔබ නිතර ම මැසිවිලි නගන කාරණා කිහිපයක්.
- කියන දේ අහන්නෑ
- පෝන් එකේමයි
- පාඩම් කරන්නෑ
- නිදිමත එනවා
- කෙල්ලෙක් යාළු කරගෙන
- පෝන් එකක් ඉල්ලල
- ගහන්න එනවා...
- මල්ලි පේන්න බෑ
ඉන් එක් කරුණක් ගන්නම්.
පෝන් එකක් ඉල්ලලා ගහන්න එනවා...
ළමයෙක් අම්මට ගහන්න එනවා නම් ඒ ළමයා කොතරම් නරක ද ...ඌ නම් මාරයෙක්. එහෙමනේ ඔබ හිතන්නේ...නෑ මීට වඩා එහා ගිය කාරණයක් මේක, සියුම් ලෙස විමසා බැලිය යුතු.
මේක අහන්නකෝ...
අම්මා ටී වී බලනවා. චූටි පුතා බඩගිනි වෙලා ළ`ගට එනවා.
අම්මේ, බඩගිනි.
ඇයට නෑසේ...
අම්මේ බඩගිනි ...
ඒත් නෑසේ ...
මහ හයියෙන් ඔහු කෑගසයි...
මොන මළ ඉලව්වක් ද දන්නෑ .
මව ඛෙරිහන් දෙයි.
අනතුරුව මව දරුවා ළ`ගට ගොස් දරුවාට බිස්කට් එකක් දෙයි.
ආ මේක කන්න...
ඇය කෙතරම් පහසුවෙන් කරන්න තිබුණු වැඩක් නොකරන්නේ.
දරුවා උගන්නේ කුමක් ද ...
අම්මට ගැහුවොත් තමයි මට දෙයක් ලැඛෙන්නේ...
එහෙනම් දැන් ලොකුවෙලත් ඔහු යමක් ඉල්ලන්නේ එසේ නොවේද ...?
ඔහු මවට ගසා හෝ පෝන් එක ගනී. මවටත් එය අරන් දීමට සිදුවෙයි...
ඉතින් මේ පුංචි කාලයේ ඇගෙන් වූ නොසැලකිලිමත්බව කෙතරම් භයානකයි ද ..?
ඔබත් මෙවැනි දේ කොපමණ කරනවා ද ...?
මොළයේ උපාගම සීයට අනූවක් හැදෙන්නේ අවුරුදු පහ වන විට. ඒ කාලය කියන්නේ දරුවාගේ සම්පූර්ණ අනාගතය .ඒ කාලයේ සියල්ල අනාගතයේ බලපායි. දරුවා හදනවා කියා විනාශ කරන්නෙත් ආදරනීය දෙමාපියන් ම නේද ?
අපි තව කතා කරමු...
මතුවට බැඳේ...
සටහන
මනෝජ් ප්‍රසන්න
0 comments:
Post a Comment