සිංහල සාහිත්‍යයේ පැරණි ම කලා නිර්මාණ වනුයේ ජන වහරින් ඈත අතීතයේ සිට පැවත එන ජන කවියයි. අතීත ජනයා නොයෙක් ආකාරයෙන් තම රසවින්දනය සඳහා එය හුරු කරගෙන සිට ඇත.
කවිය අතීත ජනයා තම කාන්සිය, පාළුව, මහන්සිය දුරු කරගැනීමට පමණක් භාවිත කළේ නැත. ජන කවිවලට අමතරව සිංහල සාහිත්‍යයේ විශේෂාංග කාව්‍ය වර්ගයක් නව උපදේශ කාව්‍ය හඳුනාගත හැකි වේ. සාරධර්ම සමාජගත කිරීම උපදේශ කාව්‍ය ගනයෙහි ලා මුඛ්‍ය පරමාර්ථය වේ.
ලෝවැඩ සගරාව, සුභාෂිතය, ලෝකෝපකාරය, සිරිත් මල්දම, හා තිරුක්කුරල් කාව්‍ය සංග්‍රහයත් උපදේශ කාව්‍ය ගණයෙහිලා නිදසුන් වේ. කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍ය සංග්‍රහය රණස්ගල්ලේ හිමිපාණන් විසින් රචනා කර ඇත.
''පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඩි බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි''
යනුවෙන් සැලළිහිණි සංදේශයේ සඳහන් වන්නේ ප්‍රිය වචන කතා කිරීමේ සාරධර්මය සමාජගත කිරීමට දරන ප්‍රයත්නයකි.
උපදේශ කාව්‍ය ගණයෙහිලා සුභාෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සුභාෂිතය අලගියවන්න මුකවෙටිතුමා විසින් රචනා කර ඇත. මෙම කෘතියෙනුත් සමාජ සාරධර්ම ගොඩනැගීමට ලැඛෙන්නේ මහ`ගු පිටිවහලකි.
ගුරු මුහන්දිරම්තුමා විසින් ඉතාමත් සරල බසින් රචනා කර ඇති සිරිත්මල්දම ද සාරධර්ම ප්‍රගුණකරවීම උදෙසා රචනා කරන ලද අනර්ඝ සාහිත්‍ය කෘතියකි.
තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ
යනුවෙන් එස්. මහින්ද හිමි රචනා කර ඇත්තේ අප රට වෙනුවෙන් වැඩ කළ යුතු බව කියා පාන්නට ය.
මීට අමතරව උන්වහන්සේ විසින් රචිත ජාතික තොටිල්ල, ළමා කවි කළඹ, හා ඔවා මුතු දම ආදී ග්‍රන්ථ ද දරුවන්ගේ සාරධර්ම වැඩි දියුණු කිරීමේ පරමාර්ථය ඇතිව රචනා කොට ඇත.
මේ ආකාරයට පාඨකයා තුළ යහපත් සිතුවිලි ඇති කිරීමට උපදේශ කාව්‍යයෙහිලා මහගු පිටිවහලක් ලැඛෙනු ඇත.
(හිරුණී හංසිකා)
0 comments:
Post a Comment