• වීථි නාට්‍ය දැක්ම

    පසුගිය දෙසැම්බර් 27 වන දින සෙනෙහස කලා පදනම සංවිධානය කළ වීථි නාට්‍ය සංදර්ශනය

  • සෙනෙහස මාසික සගරාව

    සෙනෙහස මාසික සගරාව එළිදැක්වීම පෙබරවාරි 19 වන දා කහපොළ පුබුදු පෙරපාසල් ශාලාවේ දී පැවැත්විණ.

  • සෙනෙහස සගරාව

    සෙනෙහස සගරාව සඳහා ඔඛේ දරුවාගේ නිර්මාණ අප වෙත එවන්න. ඒ සඳහා ඉඩ ලබා දීමට සෙනෙහස කලා පදනම සූදානම්ව සිටී.

Thursday, April 4, 2019

සාරධර්ම ඇතුළත් අපේ සාහිත්‍ය කෘති


සිංහල සාහිත්‍යයේ පැරණි ම කලා නිර්මාණ වනුයේ ජන වහරින් ඈත අතීතයේ සිට පැවත එන ජන කවියයි. අතීත ජනයා නොයෙක් ආකාරයෙන් තම රසවින්දනය සඳහා එය හුරු කරගෙන සිට ඇත.

කවිය අතීත ජනයා තම කාන්සිය, පාළුව, මහන්සිය දුරු කරගැනීමට පමණක් භාවිත කළේ නැත. ජන කවිවලට අමතරව සිංහල සාහිත්‍යයේ විශේෂාංග කාව්‍ය වර්ගයක් නව උපදේශ කාව්‍ය හඳුනාගත හැකි වේ. සාරධර්ම සමාජගත කිරීම උපදේශ කාව්‍ය ගනයෙහි ලා මුඛ්‍ය පරමාර්ථය වේ.
ලෝවැඩ සගරාව, සුභාෂිතය, ලෝකෝපකාරය, සිරිත් මල්දම, හා තිරුක්කුරල් කාව්‍ය සංග්‍රහයත් උපදේශ කාව්‍ය ගණයෙහිලා නිදසුන් වේ. කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍ය සංග්‍රහය රණස්ගල්ලේ හිමිපාණන් විසින් රචනා කර ඇත.

''පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඩි  බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි''

යනුවෙන් සැලළිහිණි සංදේශයේ සඳහන් වන්නේ ප්‍රිය වචන කතා කිරීමේ සාරධර්මය සමාජගත කිරීමට දරන ප්‍රයත්නයකි.
උපදේශ කාව්‍ය ගණයෙහිලා සුභාෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සුභාෂිතය අලගියවන්න මුකවෙටිතුමා විසින් රචනා කර ඇත. මෙම කෘතියෙනුත් සමාජ සාරධර්ම ගොඩනැගීමට ලැඛෙන්නේ මහ`ගු පිටිවහලකි.
ගුරු මුහන්දිරම්තුමා විසින් ඉතාමත් සරල බසින්  රචනා කර ඇති සිරිත්මල්දම ද සාරධර්ම ප්‍රගුණකරවීම උදෙසා රචනා කරන ලද අනර්ඝ සාහිත්‍ය කෘතියකි.
    
   තමන් ලැබූ දිවි       පෙවෙතේ   කොටසක් රට සමය    වෙතේ   පුද නොකළොත් නුඹෙන්    පුතේ   මෙලොවට කිසි පලක්    නැතේ
          යනුවෙන් එස්. මහින්ද හිමි රචනා කර ඇත්තේ අප රට වෙනුවෙන් වැඩ කළ යුතු බව කියා පාන්නට ය.
මීට අමතරව උන්වහන්සේ විසින් රචිත ජාතික තොටිල්ල, ළමා කවි කළඹ, හා ඔවා මුතු දම ආදී ග්‍රන්ථ ද දරුවන්ගේ සාරධර්ම වැඩි දියුණු කිරීමේ පරමාර්ථය ඇතිව රචනා කොට ඇත.
මේ ආකාරයට පාඨකයා තුළ යහපත් සිතුවිලි ඇති කිරීමට උපදේශ කාව්‍යයෙහිලා මහගු පිටිවහලක් ලැඛෙනු ඇත.
(හිරුණී හංසිකා)

යමක් කරන්න කලින් හිතන්න

  ජීවිතේ සමහරක් අවස්ථාවල දී, අප ගන්න සමහර තීරණ නිසා අපිට වගේ ම, අප ළග ඉන්න අයටත් දුක් විඳින්න, අඩන්න වගේ ම, මිය යන්න පවා සිද්ධ වෙනවා. ඒත් ඒ තීරණ ගන්න කලින් ටිකක් හොඳට හිතන්න පුළුවන් නම් අපි හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

ඉතිං අපට හිතන්න බැරි ද? නෑ, පුළුවන්. ඒත් අපි හිතන්නෙ නෑ. හිතන්න උනන්දුවක් නෑ. එහෙම නේද?

ගුරුවරු කියන්නෙ අපේ ජීවිත ඉතා ශක්තිමත් කරපු උත්තරීතර පිරිසක්. අපට ගුණ ධර්ම කියා දුන්නු පිරිසක්. අපේ ජීවිතවලින් ඒ ගුණ ධර්ම ඈත් කර ගන්නව නම් ඒක ඒ ගුරුවරුන්ට කරන ලොකු වැරැද්දක්.

ඉස්සර එක ගුරුවරයෙක් ළග  සිසුන් හතර දෙනෙක් හිටියා. ඒ සිසුන් හතර දෙනා ගුරුවරයට හරිම කීකරුයි. හතර දෙනාම හොඳට ඉගෙන ගන්න මහන්සි වුණා. මේ හතර දෙනාගෙන් එක් කෙනෙකුට පුළුවන් අතින් අල්ලන්නෙ නැතුව තුවාල සනීප කරන්න. තව එක්කෙනෙකුට පුළුවන් බිඳුණු දේවල් නැවත කලින් තිබුණ විදියට සවි කරන්න. තුන් වෙනි කෙනාට පුළුවන් මැරුණු කොළවලට ප්‍රාණය දීලා නැවත ගස්වලට සවි කරන්න. අවසාන කෙනාට අනිත් අය වගේ හැකියාවක් ඇති කර ගන්න බැරි වුණා. ඉතිං අර තුන් දෙනාම කිසිම හැකියාවක් ඇති කරගන්න බැරි වුණ  තමන්ගෙම යාළුවට විහිළු කරලා හොදට ම හිනා වුණා. ඒත් ඒ 
මොනවත් හැකියාවක් ඇති කර ගන්න බැරි වුණ යාළුවා තමන්ට හිනා වුණ යාළුවන්ට කවදාවත් දොස් කිව්වෙ නෑ.

අන්තිමට මේ හතර වෙනි යාළුවා ගුරුතුමා ළගට ගිහින් ගුරුතුමාගෙන් මෙහෙම අහනවා.

''ගුරුතුමනි, සාමාන්‍ය දැනීම කියන්නෙ මොකද්ද?''

ගුරුතුමා ඔහුට පිළිතුරු දෙනවා.

''ඒක හරි සරල දෙයක් නෙ. සාමාන්‍ය දැනීම කියන්නෙ, අපි දෙයක් කරන්න කලින් හිතන එක.''

ඉතිං දවසක් මේ විවිධ හැකියාවන් තියෙන යාළුවො තුන් දෙනා ගමෙන් එළියට ගිහින් ජීවත් වෙන්න කතා කර ගත්තා. එයාලගෙ ගමනට විශේෂ හැකියාවක් නැති යාළුවත් එකතු කර ගත්තා. ඉතිං මේ හතර දෙනාට ම ගමනට කලින් ගුරුතුමා අවවාද කළා. මතක තියාගන්න දරුවනේ හැමවෙලේම බුද්ධිමත් මනුස්සයා දෙයක් කරන්න කලින් හිතනවා. 

''හොදයි අපි මතක තියා ගන්නම්'' කියලා යාළුවො හතර දෙනා ම ගමෙන් පිටත් වුණා.

ටිකක් දුර ගියපු යාළුවො හතර දෙනා දවල් කෑම කන්න තැනක නතර වුණා.තමන් වාඩි වුණ තැන තිබුණු ඇට සැකිල්ලක් දැකපු මේ විශේෂ හැකියාවක් නැති ශිෂ්‍යයා අනිත් අයට කතා කරලා කිව්වා මේ ගැන.

එයින් එක යාළුවෙක්  තමන්ගෙ දක්ෂතාවෙන් මේ විසිරිලා තිබුණු ඇට කටු එකතු කළා. ඒ ඇට සැකිල්ල සිංහයෙක්ගෙ කියලා එතකොට තමයි හැමෝම දැන ගත්තෙ. ඉතිං මේක බලන් හිටපු අනිත් යාළුවොත් 
තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පටන් ගත්තා. ඒත් අර විශේෂ හැකියාවක් නැති යාලුවා 

''ඔය වැඩේ කරන්න එපා'' 

කියලා කිව්වා.ඒත් කලින් කෙනාට වැඩියෙන් අනිත් කෙනා තමන්ගෙ දැනුම පෙන්නන්න හිතුවා. ඉතිං තව එක්කෙනෙක් අර ඇට සැකිල්ලට ලොම්, නියපොතු, දත් ඇතුළු ශරීරය ලබා දුන්නා. මේ දෙන්නටම වඩා තමන් දැනුමෙන් උසස් කියලා පෙන්නන්න, අනිත් තුන් වෙනි යාළුවා මේ සිංහ ශරීරයට පණ දෙන්න තීරණය කළා. එතකොට ම විශේෂ හැකියාවක් නැති සිසුවාට තමන්ගෙ ගුරුතුමා දුන්නු අවවාදය මතක් වුණා. යමක් කරන්න කලින් හිතන්න. 

තමන්ගෙ යාළුවන්ට කියපු දේ අහපු නැති නිසා විශේෂ හැකියාවක් නැති ශිෂ්‍යයා ගහකට නැග්ගා. කොළවලට පණ දීලා ගස්වල සවි කරපු ශිෂ්‍යයා සිංහයාට  නැවත පණ ලබා දුන්නා.

අවසානෙ දි සිංහයාට පණ ආවා. සිංහයා බඩගින්නෙ හිටපු නිසා ඒ බිම හිටපු තුන් දෙනාම මරාගෙන කෑවා.ගහ උඩ හිටපු විශේෂ හැකියාවක් නැති ශිශ්‍යයා සිංහයා එතනින් ගියාට පස්සෙ ගහෙන් බැහැල ගියා.

දෙයක් වුණාට පස්සෙ ඒ ගැන ආයිත් හිතලා දුක් වෙලා වැඩක් නෑ. මොකද,ඒ දේ සිදුවෙලා අවසන් නිසා. සමහරවිට ඒ දෙයින් අපිව විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඕන ම දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතන්න ඕන. කියලා අපි හැමෝම මතක තියා ගනිමු.

(පූජ්‍ය ගම්මැදගම ධම්මානන්ද හිමි)

Thursday, March 21, 2019

සෙනෙහස මාර්තු කලාපය නිකුත් වේ.

සෙනෙහස සඟරාවේ මාර්තු කලාපය දැන් නිකුත් වී ඇත. මෙවර සඟරාව නිකුත් වන්නේ එයට නව මුහුණුවරක් ද එක්කරමින් වීම විශේෂත්වයකි. සඟරාවේ මුල් පිටුව පාසල් දරුවකු අතින් ඇඳි සිතුවමකින් වර්ණවත් කර ඇති අතර, දරුවන් ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන්කර ඇත.

මෙවර කලාපයේ සිට ප්‍රවීන ලේඛිකා යමුණා මාලනී පෙරේරා මහත්මිය විසින් දරුවන් ගේ කවි නිර්මාණ පිළිබඳ විචාරයක් ද එකතු වන අතර  කැපී පෙනෙන කවියට සහ ප්‍රහේළිකාවේ නිවැරදි පිළිතුරට තෑගි හිමි වේ.

දරුවන් ගේ කවි නිර්මාණ "සෙනෙහස" සඟරාව, නො. 86/2, රෙජිඩේල්වත්ත, කහපොළ, මඩපාත. ලිපිනයට එවිය හැකි අතර senehasamag@gmail.com ලිපිනයට ඊ මේල් මගින් එවිය හැක.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 071 216 9876 න් (සංඛ) හා 071 434 4045 න් (ප්‍රසන්න) අමතන්න.
සෙනෙහස සඟරාවේ මාර්තු කලාපය දැන් නිකුත් වී ඇත. මෙවර සඟරාව නිකුත් වන්නේ එයට නව මුහුණුවරක් ද එක්කරමින් වීම විශේෂත්වයකි. සඟරාවේ මුල් පිටුව පාසල් දරුවකු අතින් ඇඳි සිතුවමකින් වර්ණවත් කර ඇති අතර, දරුවන් ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන්කර ඇත.

මෙවර කලාපයේ සිට ප්‍රවීන ලේඛිකා යමුණා මාලනී පෙරේරා මහත්මිය විසින් දරුවන් ගේ කවි නිර්මාණ පිළිබඳ විචාරයක් ද එකතු වන අතර  කැපී පෙනෙන කවියට සහ ප්‍රහේළිකාවේ නිවැරදි පිළිතුරට තෑගි හිමි වේ.

දරුවන් ගේ කවි නිර්මාණ "සෙනෙහස" සඟරාව, නො. 86/2, රෙජිඩේල්වත්ත, කහපොළ, මඩපාත. ලිපිනයට එවිය හැකි අතර senehasamag@gmail.com ලිපිනයට ඊ මේල් මගින් එවිය හැක.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 071 216 9876 න් (සංඛ) හා 071 434 4045 න් (ප්‍රසන්න) අමතන්න.

Friday, March 8, 2019

''ගුරු දෙගුරු දූ දරු සැමට සෙනෙහස''

මෙවර සෙනෙහස සගරාවට අලුත් මුහුණුවරක් එක්කිරීමට  'සෙනෙහස' කර්තෘ මණ්ඩලය  තීරණය කර ඇත. පළමු සඟරාව කියවූ පාඨකයන්ගේ අදහස් යොජනා චෝදනා සැලකිල්ලට ගෙන මෙවර සඟරාවේ බාහිර පෙනුම මෙන් ම, ගුරු දෙගුරු දූ දරු සැමට යන තේමාව යටතේ හරවත් ලිපි, දරුවන්ගේ නිර්මාණ සහ දරුවන් විසින් ඇඳි සිතුවම් ද එක් කර ඇති අතර, අප්‍රේල් කලාපයේ සිට මුල්කවරය පාසල් දරුවකුගේ සිතුවමින් වර්ණවත් කිරීමට ද කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත. 

පළමු කලාපය සේ ම ලිපි පෙළ සකසා ඇති අතර ප්‍රවීණ ලේඛක  ගයාන් අඛේසිංහ සහ ප්‍රවීණ ගීත රචිකාවිය යමුනා මාලනිය ද මෙවර සඟරාවට තම සම්පත් දායකත්වය ලබා දෙයි.  යමුණා මාලනිය විසින් තෝරාගනු ලබන කැපී පෙනෙන කවියට ඇය විසින් රචිත කෘතියක් පිරිනැමීමට ද ඇය කටයුතු කර ඇත. එලෙස ම ප්‍රහේළිකාවට පිළිතුරු එවා කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයාට ද තිළිණ හිමි වන අතර දරුවන්ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමට ද කර්තෘ මණ්ඩලය තීරණය කර ඇත.

දූදරුවන්ගේ නිර්මාණ, කවි ගීත, නිසඳැස්, සඳැස් චිත්‍ර ඇතුළු නිර්මාණ පහත ලිපිනයට එවිය හැකි ය.

සෙනෙහස සඟරාව
නො. 86/2, ආර්, කහපොළ, මඩපාත.

විද්‍යුත් ලිපිනය
senehasamag@gmail.com


Friday, February 22, 2019

තිස්සමහාරාම කාවන්තිස්සපුර මහා විද්යාලයට සක්නද සත් සිතින්



පොත් අපේ මිතුරෝය යන මැයෙන් සෑම දරුවෙකුට ම කතා පොතක් ලබා දීම සඳහා සක්නද තිස්සමහාරාමයේ කාවන්තිස්සපුර මහා විද්යාලය වෙත. 2018.10. 16 ගියෙමු. ඔබ අපෙන් ඉල්ලා සිටියේ රත්නශ්රී විජේසිංහයන් හෝ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල පාසලට ගෙන්වා දෙන ලෙස යි.

ඒ පොරොන්දුව ඉටු කරන්නෙමු.

ඉතින් මේ මස 28 වන දින ඒ දරුවන්ට නිල ඇඳුම් ද රැගෙන ඔබ පාසලට එන්නේ සත් සිතිනි....
ආචාර්ය රත්නශ්රී විජේසිංහයන්ගේ අපූරු සාහිත්යය දේශනය

ඩඩ්ලි එස්  ජයවර්ධන ප්‍රමුඛ වාද්‍ය වෘන්දයට
සමන් නිශාකර හා
තරිදු ජයසිංහගේ
ගායනය සමගින්

සක්නද පර්ෂදය




Wednesday, February 20, 2019

"ගී පියස" සංගීත ප්‍රසංගය මාර්තු මස 10 වන ඉරිදා


රුවන්ති ධනුෂිකා ගයන ගී පියස සංගීත ප්‍රසංගය මාර්තු මස 10 වන ඉරිදා පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 


රුවන්ති ධනුෂිකා කැස්බෑව ප්‍රදේශයෙන් බිහි වූ දක‍ෂ ගායන ශිල්පිණියක වන අතර මෙම ප්‍රසංගය ඇයගේ තෙවැනි ඒක පුද්ගල ප්‍රසංගයයි. බටුවන්දර ප්‍රදේශයේ ජීවත් වන දිළිඳු පවුලක් උදෙසා නිවසක් සාදා දීමේ උතුම් අරමුණ ඇතිව ඇය මෙම සංගීත ප්‍රසංගස  සංවිධානය කරන අතර ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන,චතුර දිසානායක,නිරුක‍ෂාන් ඒකනායක යුග ගායනයෙන් එක් වන අතර සේනක උඛේසිංහ සහ ඉසුරිකා මධුශානි කතනයෙන්  ඔපවත්වන සංගීත සැඳෑව සංගීතවත් කරනු ලබන්නේ සංගීතවේදී විශාරද රණවි අතුකෝරල ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.

Saturday, February 16, 2019

සාහිත්‍ය කෙත අස්වද්දමු

වර්තමානයේ  ඉරිතලලා වේලිලා, පුරන් වෙලා  යන සාහිත්‍ය කියන වෙල්යාය අද්දර ඉඳිද් දී ඒ වෙල්යායේ එක ලියද්දක් හෝ මඩ කරලා අස්වද්දන්න ගන්න මේ උතුම් උත්සාහයට මටත් දායක වෙන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.''

සාහිත්‍ය කියන මාතෘකාව විශාල පරාසයක් පුරා පැතිර යනවා. ඇත්තටම මොන විදිහකට අර්ථය මාර්ටින් වික්‍රමසිංහ ශරින්ගේ  සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ ප්‍රස්තාවනාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කවර කාව්‍යයක් වුව ද කාව්‍යයක් වනුයේ එය ගුණ දොස් දෙකෙන්ම යුතු වූවක් බැවිනි. දොසින් තොර වූ ග්‍රන්ථයක් වෙතොත් එය කිසි කලෙක කාව්‍යයක් විය හැකි නොවේ. ඒ වගේම ඇරිස්ටෝටල් වරෙක මෙසේ සඳහන් කර තිඛෙනවා. අභ්‍යන්තර ගුණ සමුදායකින් විශිෂ්ට වූ රචනාව කාව්‍යය යි.  අපර දිග මතය මීට මදක් වෙනස්. ඔවුන්ට අනුව ලිබිත රචනා, මුද්‍රිත දෑ, සියල්ල සාහිත්‍යයි.  මට නම් දැනෙන්නේ රස සහිත දෑ සාහිත්‍යය  යන්නයි. ඒ කුමන අයුරකින් හැඳින් වූවත් අප කලාවට සාහිත්‍යයට සමීප විය යුතුයි. 

ළමා අපේත් මේ සියලූ දේ ගැන රස වින්දනයක් තියෙන්න වුවමනායි. මොකක්ද මේ  රසවින්දනය කියන්නේ... යම් සාහිත්‍ය අංගයක අඩංගු වන දෑ මතුපිටින් වාගේම එහි ඇතුළාන්තයෙන් ද නැත්නම් අභ්‍යන්තරයෙන් ද කියවීමකින් පසු ලබා ගන්නා අර්ථය , තේරුම අපේ හිතේ සටහන් කර ගැනීම තමයි රසවින්දනය කියන්නේ. 

මම හිතනවා අපේ මේ ජිවිතයේ රිද්මය, එසේ නැත්නම් මේ විශ්වයේ රිද්මය මවගේ රිද්මය යි. මුලින් ම මේ ලෝකයට අප බිහි වූ මොහොතේ පටන් මියන තෙක් ම ඒ රිද්මය අපිත් එක්ක රැඳිලා තියනවා. අප උපන් මොහොතේ පටන් මව  මේ විශ්වීය රිද්මයට තනුව යොදලා ගායනා කරනවා. තමන්ගේ දරුවා නළවා ගන්න මවක් ලයාන්විතව නැළවිලි ගීයක් මුමුණනවා. 

ම්...ම්...ම්...ම්... මොන තරම් අපූරුද.... මේ තමයි අපේ මුල්ම විඳීම. රසවින්දනයේදීත් මෙන්න මේ රිද්මය මහා බලපෑමක් කරනවා.

අපි සාහිත්‍ය ගැන කලාව ගැන කතා කරද්දී කියැවීම ගැන සිහිපත් නොකර ම බැහැ. කියවීම මේ බොහෝ දේවල ආරම්භය වගේ ම සාර්ථකත්වයත් වෙනවා. කවියක් ලියද්දී, සත්‍ය සිදුවීමක් හේතු කර ගන්න හැකියි. ඒ වගේ ම යම් කිසි මවා ගැනීමක් එහෙම නැත්නම් යම් රූපකයක් භාවිත කරන්න හැකියි. ඒ වගේ පුංචි තැනකින් පටන් අරන් අපිටත් පුළුවන් නිර්මාණයක් කරන්න. එවිට අපටත් නොදනී ම අපි කලාවට, සාහිත්‍යට සමීප වෙනවා. මේ වගේම වටිනාකමක් ඇති දෙයක් තමයි රසවින්දනය කියන දෙය. මොනයම් ම දෙයක්වත් රස විඳින්න දන්නේ නැත්නම් සියලූ නිර්මාණ හර සුන් දේ වෙනවා. ගීතයක්  රසවිඳීම ම  නෙවෙයි, සරළව හිතන්න. ගස්කොලන්වල චලනය, ඒ චලනයන්ගේ සුන්දරත්වය, වතුර බිංදු වැටෙන හ~, අපි මේ දේවල් වලට මොන තරම් සංවේදී වෙලා තියනවා ද...?

රසවිදීම ගැන කියද්දී මේ චෝදනාව නොකරම බැහැ. බොහෝ මාධ්‍ය තමයි අපේ රසවින්දනය මොට කරන්නේ. තව ටිකක් පැහැදිලි කර ගන්න මමම කියන දේ. ගෙදර රූපවාහිනිය දැම්මොත් අපි අහන්නේ ම දකින්නේම වයස් භේදයකින් තොරව විකාශනය වෙන ගීත, නාට්‍ය නෙවෙයි ද...? මෙතන දී තමයි ගැටලූව මතු වෙන්නේ.  මේ වෙනකොට රටේ බොහෝ මාධ්‍ය විසින් අපේ රසවින්දන ශක්තිය ඒ අයට උවමනා ලෙස හසුරවන්න පටන් අරන්. අනික් පැත්තෙන් පවුල් ඒකකය ඇතුළේ රසවින්දනය වෙනස් වෙලා. මේ දෙකට මැදි වෙන ළමා පරපුරට ඒ කියන්නේ අපිට හොඳ ගීතයක්, හොඳ නාට්‍යයක්, හොඳ චිත්‍රපටියක් අඳුරා ගන්න ඇති අවස්ථාවල් ඇහිරිලා. නැති වෙලා. අන්න ඒක නිසයි මේ විදිහට කතා කර කර අලූතින්ම රසවින්දනය කියන දේ ප්‍රගුණ කරන්න වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. අපේ ජිවිත වලට එකතු කර ගන්න වෙලා තියෙන්නේ. 

මම තවත් උදාහරණයක් කියන්නම් ගී පද රචකයෙක් ගීයක් ලියද් දී ඔහු තුළ ගොඩ නැගෙන සිතිවිලි සමූහය වදන්වලට පෙරලනවා . හැබැයි ඒ වදන් වල අර්ථය ගැන මොහොතකටවත් නොහිතන රූපවාහිනී නාලිකාවක්් ඒවාට රූප රාමු සහිත දර්ශන හදනවා. ඒ බොහෝ දර්ශනවලින් ගීතයේ රචකයා හෝ ගායකතයා හෝ අපිට දනවන්න ගිය අර්ථය නෙවෙයි ලැඛෙන්නේ. හැබැයි ඔය දේ ගුවන් විදුලිය හරහා නම් වෙන්නේ නැහැ. අමරදේව ශරින්ගේ මේ ගීතය ගැන හිතුවොත්, 

වක්කඩ ලඟ... දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා.... 

මේ ගීතයට තිත්ත පැටවු උඩ පනින රූප රාමුවක් හැදුවොත් ගීතයේ ඇති හරය, අර්ථය අපේ මනසේ ඇෙඳනවා ද.? නැහැ නේද නමුත් ශ්‍රවණය විතරක් කරද්දී ඒ ගම, වෙල් යාය, ජලය, තිත්ත පැටවු කියන දේවල් වල අසිරිමත්කම, සුන්දර බව මොන තරම් හිතට නැගෙනවා ද...? ඒත් ඒ හැඟීම් අපට කාටවත් මවා දෙන්න බැහැ. අපි අපි තුළම මැවෙන්න උවමනායි. හොඳ කලා නිර්මාණයකින් වෙන්න උවමනාත් ඒ දෙයමයි.  

මට නම් හිතෙන්නේ මිනිසුන්ට අනෙකාගේ දුක දැනෙන, අනුන් වෙනුවෙන් දුක් වෙන්න හෝ  සතුටු වෙන්න, තව කෙනෙක් වෙනුවෙන් කඳුළක් හෙළන්න කියන අති සංවේදී කාරණාවන් ඉතා හොඳින් උගන් වන්න හැකියි සාහිත්‍යට. සාහිත්‍යයෙන් අපිටත් නොදැනීම ඒ පාඩම කියා දෙනවා. පොතක් කියවද්දී අපි ඒ අකුරු ඇතුලේ තියන සිදුවීම් එක්ක නොදැනීම අපි බැෙඳනවා. ඒ ඒ චරිතත් එක්ක අපි ජිවත් වෙන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම් හැබෑ ලෝකයේදී මුණ ගැහෙන්න බැරි පරමාදර්ශී චරිත එක්ක ඒ පොත
ඇතුළේ දි අපි ගණුදෙනු කරනවා. ඒ අකුරු අතර ඉන්න අජිවී චරිත අපේ ජිවිත වලට නොදැනීම ආදර්ශ එකතු කරනවා. අපේ හිතේ මැවෙන මේ දේවල් නිසා අපට හිතීමේ, මවා ගැනීමේ නැත්නම් පරිකල්පන හැකියාව වර්ධනය වෙනවා. ඒකයි කියන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා.  

සෝමලතා නැන්දා ලියපු ගීතයක් මට මතක් වෙනවා. 
  • අහන් ඉන්න අහගෙන ඉන්න....
 මගෙහිත මට මොනවද මුමුණනවා.... 

මේ ගීතය ගායනා කරන්නේ දෑස් නොපෙනෙන සොයුරියක්. ඒත් ඇය ලෝකය දකින්නේ මනසින්. බොහෝ වෙලාවට මනසින් දකින ලෝකය හරි විචිත්‍රවත්.

ආදරණිය ඔබට කියන්න තියෙන්නේ කලාව විඳින්න උවමනාමයි. ඒ තුළ තමයි අපිය අපේ ජිවිතය මුන ගැහෙන්නේ. අපි ජිවත් වන සමාජය වෙනුවෙන් යමක් කළ හැකි වෙන්නේ.

(2018 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් වලපනේ හරස්බැද්ද විද්‍යාලයේ දී කළ අදහස් දැක්වීම ඇසුරිනි.)


(චමත්ක කවීන් බණ්ඩාර)