වර්තමානයේ ඉරිතලලා වේලිලා, පුරන් වෙලා යන සාහිත්‍ය කියන වෙල්යාය අද්දර ඉඳිද් දී ඒ වෙල්යායේ එක ලියද්දක් හෝ
මඩ කරලා අස්වද්දන්න ගන්න මේ උතුම් උත්සාහයට මටත් දායක වෙන්න ලැබීම ගැන මම ඉතාමත්
සතුටු වෙනවා.''
සාහිත්‍ය කියන මාතෘකාව
විශාල පරාසයක් පුරා පැතිර යනවා. ඇත්තටම මොන විදිහකට අර්ථය මාර්ටින් වික්‍රමසිංහ
ශරින්ගේ සිංහල සාහිත්‍යයේ නැගීම
කෘතියේ ප්‍රස්තාවනාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කවර කාව්‍යයක් වුව ද කාව්‍යයක්
වනුයේ එය ගුණ දොස් දෙකෙන්ම යුතු වූවක් බැවිනි. දොසින් තොර වූ ග්‍රන්ථයක් වෙතොත් එය
කිසි කලෙක කාව්‍යයක් විය හැකි නොවේ. ඒ වගේම ඇරිස්ටෝටල් වරෙක මෙසේ සඳහන් කර
තිඛෙනවා. අභ්‍යන්තර ගුණ සමුදායකින් විශිෂ්ට වූ රචනාව කාව්‍යය යි. අපර දිග මතය මීට මදක් වෙනස්. ඔවුන්ට අනුව ලිබිත රචනා, මුද්‍රිත දෑ,
සියල්ල සාහිත්‍යයි. මට නම් දැනෙන්නේ රස සහිත
දෑ සාහිත්‍යය යන්නයි. ඒ කුමන අයුරකින්
හැඳින් වූවත් අප කලාවට සාහිත්‍යයට සමීප විය යුතුයි.
ළමා අපේත් මේ සියලූ දේ
ගැන රස වින්දනයක් තියෙන්න වුවමනායි. මොකක්ද මේ රසවින්දනය කියන්නේ... යම් සාහිත්‍ය අංගයක අඩංගු වන දෑ මතුපිටින්
වාගේම එහි ඇතුළාන්තයෙන් ද නැත්නම් අභ්‍යන්තරයෙන් ද කියවීමකින් පසු ලබා ගන්නා අර්ථය
, තේරුම අපේ හිතේ සටහන් කර ගැනීම තමයි රසවින්දනය කියන්නේ.
මම හිතනවා අපේ මේ ජිවිතයේ
රිද්මය, එසේ නැත්නම් මේ විශ්වයේ රිද්මය මවගේ රිද්මය යි. මුලින් ම මේ ලෝකයට අප බිහි
වූ මොහොතේ පටන් මියන තෙක් ම ඒ රිද්මය අපිත් එක්ක රැඳිලා තියනවා. අප උපන් මොහොතේ
පටන් මව මේ විශ්වීය රිද්මයට තනුව
යොදලා ගායනා කරනවා. තමන්ගේ දරුවා නළවා ගන්න මවක් ලයාන්විතව නැළවිලි ගීයක්
මුමුණනවා.
ම්...ම්...ම්...ම්... මොන
තරම් අපූරුද.... මේ තමයි අපේ මුල්ම විඳීම. රසවින්දනයේදීත් මෙන්න මේ රිද්මය මහා
බලපෑමක් කරනවා.
අපි සාහිත්‍ය ගැන කලාව
ගැන කතා කරද්දී කියැවීම ගැන සිහිපත් නොකර ම බැහැ. කියවීම මේ බොහෝ දේවල ආරම්භය වගේ
ම සාර්ථකත්වයත් වෙනවා. කවියක් ලියද්දී, සත්‍ය සිදුවීමක් හේතු කර ගන්න හැකියි. ඒ
වගේ ම යම් කිසි මවා ගැනීමක් එහෙම නැත්නම් යම් රූපකයක් භාවිත කරන්න හැකියි. ඒ වගේ
පුංචි තැනකින් පටන් අරන් අපිටත් පුළුවන් නිර්මාණයක් කරන්න. එවිට අපටත් නොදනී ම අපි
කලාවට, සාහිත්‍යට සමීප වෙනවා. මේ වගේම වටිනාකමක් ඇති දෙයක් තමයි රසවින්දනය කියන
දෙය. මොනයම් ම දෙයක්වත් රස විඳින්න දන්නේ නැත්නම් සියලූ නිර්මාණ හර සුන් දේ වෙනවා.
ගීතයක් රසවිඳීම ම නෙවෙයි, සරළව හිතන්න. ගස්කොලන්වල චලනය, ඒ චලනයන්ගේ සුන්දරත්වය, වතුර
බිංදු වැටෙන හ~, අපි මේ දේවල් වලට මොන තරම් සංවේදී වෙලා තියනවා ද...?
රසවිදීම ගැන කියද්දී මේ
චෝදනාව නොකරම බැහැ. බොහෝ මාධ්‍ය තමයි අපේ රසවින්දනය මොට කරන්නේ. තව ටිකක් පැහැදිලි
කර ගන්න මමම කියන දේ. ගෙදර රූපවාහිනිය දැම්මොත් අපි අහන්නේ ම දකින්නේම වයස්
භේදයකින් තොරව විකාශනය වෙන ගීත, නාට්‍ය නෙවෙයි ද...? මෙතන දී තමයි ගැටලූව මතු
වෙන්නේ. මේ වෙනකොට රටේ බොහෝ මාධ්‍ය
විසින් අපේ රසවින්දන ශක්තිය ඒ අයට උවමනා ලෙස හසුරවන්න පටන් අරන්. අනික් පැත්තෙන්
පවුල් ඒකකය ඇතුළේ රසවින්දනය වෙනස් වෙලා. මේ දෙකට මැදි වෙන ළමා පරපුරට ඒ කියන්නේ
අපිට හොඳ ගීතයක්, හොඳ නාට්‍යයක්, හොඳ චිත්‍රපටියක් අඳුරා ගන්න ඇති අවස්ථාවල්
ඇහිරිලා. නැති වෙලා. අන්න ඒක නිසයි මේ විදිහට කතා කර කර අලූතින්ම රසවින්දනය කියන
දේ ප්‍රගුණ කරන්න වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. අපේ ජිවිත වලට එකතු කර
ගන්න වෙලා තියෙන්නේ.
මම තවත් උදාහරණයක්
කියන්නම් ගී පද රචකයෙක් ගීයක් ලියද් දී ඔහු තුළ ගොඩ නැගෙන සිතිවිලි සමූහය වදන්වලට පෙරලනවා . හැබැයි ඒ වදන් වල අර්ථය
ගැන මොහොතකටවත් නොහිතන රූපවාහිනී නාලිකාවක්් ඒවාට රූප රාමු සහිත දර්ශන හදනවා. ඒ
බොහෝ දර්ශනවලින් ගීතයේ රචකයා හෝ ගායකතයා හෝ අපිට දනවන්න ගිය අර්ථය නෙවෙයි
ලැඛෙන්නේ. හැබැයි ඔය දේ ගුවන් විදුලිය හරහා නම් වෙන්නේ නැහැ. අමරදේව ශරින්ගේ මේ ගීතය ගැන හිතුවොත්,
වක්කඩ ලඟ... දිය වැටෙන
තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා....
මේ ගීතයට තිත්ත පැටවු උඩ
පනින රූප රාමුවක් හැදුවොත් ගීතයේ ඇති හරය, අර්ථය අපේ මනසේ ඇෙඳනවා ද.? නැහැ නේද
නමුත් ශ්‍රවණය විතරක් කරද්දී ඒ ගම, වෙල් යාය, ජලය, තිත්ත පැටවු කියන දේවල් වල
අසිරිමත්කම, සුන්දර බව මොන තරම් හිතට නැගෙනවා ද...? ඒත් ඒ හැඟීම් අපට කාටවත් මවා
දෙන්න බැහැ. අපි අපි තුළම මැවෙන්න උවමනායි. හොඳ කලා නිර්මාණයකින් වෙන්න උවමනාත් ඒ
දෙයමයි.
මට නම් හිතෙන්නේ
මිනිසුන්ට අනෙකාගේ දුක දැනෙන, අනුන් වෙනුවෙන් දුක් වෙන්න හෝ සතුටු වෙන්න, තව කෙනෙක් වෙනුවෙන් කඳුළක් හෙළන්න කියන අති සංවේදී
කාරණාවන් ඉතා හොඳින් උගන් වන්න හැකියි සාහිත්‍යට. සාහිත්‍යයෙන් අපිටත් නොදැනීම ඒ
පාඩම කියා දෙනවා. පොතක් කියවද්දී අපි ඒ අකුරු ඇතුලේ තියන සිදුවීම් එක්ක නොදැනීම
අපි බැෙඳනවා. ඒ ඒ චරිතත් එක්ක අපි ජිවත් වෙන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම්
හැබෑ ලෝකයේදී මුණ ගැහෙන්න බැරි පරමාදර්ශී චරිත එක්ක ඒ පොත
ඇතුළේ දි අපි ගණුදෙනු
කරනවා. ඒ අකුරු අතර ඉන්න අජිවී චරිත අපේ ජිවිත වලට නොදැනීම ආදර්ශ එකතු කරනවා. අපේ
හිතේ මැවෙන මේ දේවල් නිසා අපට හිතීමේ, මවා ගැනීමේ නැත්නම් පරිකල්පන හැකියාව වර්ධනය
වෙනවා. ඒකයි කියන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා.
සෝමලතා නැන්දා ලියපු
ගීතයක් මට මතක් වෙනවා.
මගෙහිත මට මොනවද මුමුණනවා....
මේ ගීතය ගායනා කරන්නේ
දෑස් නොපෙනෙන සොයුරියක්. ඒත් ඇය ලෝකය දකින්නේ මනසින්. බොහෝ වෙලාවට මනසින් දකින
ලෝකය හරි විචිත්‍රවත්.
ආදරණිය ඔබට කියන්න
තියෙන්නේ කලාව විඳින්න උවමනාමයි. ඒ තුළ තමයි අපිය අපේ ජිවිතය මුන ගැහෙන්නේ. අපි
ජිවත් වන සමාජය වෙනුවෙන් යමක් කළ හැකි වෙන්නේ.
(2018 වර්ෂයේ සාහිත්‍ය
මාසය වෙනුවෙන් වලපනේ හරස්බැද්ද විද්‍යාලයේ දී කළ අදහස් දැක්වීම ඇසුරිනි.)
(චමත්ක කවීන් බණ්ඩාර)