• වීථි නාට්‍ය දැක්ම

    පසුගිය දෙසැම්බර් 27 වන දින සෙනෙහස කලා පදනම සංවිධානය කළ වීථි නාට්‍ය සංදර්ශනය

  • සෙනෙහස මාසික සගරාව

    සෙනෙහස මාසික සගරාව එළිදැක්වීම පෙබරවාරි 19 වන දා කහපොළ පුබුදු පෙරපාසල් ශාලාවේ දී පැවැත්විණ.

  • සෙනෙහස සගරාව

    සෙනෙහස සගරාව සඳහා ඔඛේ දරුවාගේ නිර්මාණ අප වෙත එවන්න. ඒ සඳහා ඉඩ ලබා දීමට සෙනෙහස කලා පදනම සූදානම්ව සිටී.

Thursday, April 4, 2019

සාරධර්ම ඇතුළත් අපේ සාහිත්‍ය කෘති


සිංහල සාහිත්‍යයේ පැරණි ම කලා නිර්මාණ වනුයේ ජන වහරින් ඈත අතීතයේ සිට පැවත එන ජන කවියයි. අතීත ජනයා නොයෙක් ආකාරයෙන් තම රසවින්දනය සඳහා එය හුරු කරගෙන සිට ඇත.

කවිය අතීත ජනයා තම කාන්සිය, පාළුව, මහන්සිය දුරු කරගැනීමට පමණක් භාවිත කළේ නැත. ජන කවිවලට අමතරව සිංහල සාහිත්‍යයේ විශේෂාංග කාව්‍ය වර්ගයක් නව උපදේශ කාව්‍ය හඳුනාගත හැකි වේ. සාරධර්ම සමාජගත කිරීම උපදේශ කාව්‍ය ගනයෙහි ලා මුඛ්‍ය පරමාර්ථය වේ.
ලෝවැඩ සගරාව, සුභාෂිතය, ලෝකෝපකාරය, සිරිත් මල්දම, හා තිරුක්කුරල් කාව්‍ය සංග්‍රහයත් උපදේශ කාව්‍ය ගණයෙහිලා නිදසුන් වේ. කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍ය සංග්‍රහය රණස්ගල්ලේ හිමිපාණන් විසින් රචනා කර ඇත.

''පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඩි  බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි''

යනුවෙන් සැලළිහිණි සංදේශයේ සඳහන් වන්නේ ප්‍රිය වචන කතා කිරීමේ සාරධර්මය සමාජගත කිරීමට දරන ප්‍රයත්නයකි.
උපදේශ කාව්‍ය ගණයෙහිලා සුභාෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සුභාෂිතය අලගියවන්න මුකවෙටිතුමා විසින් රචනා කර ඇත. මෙම කෘතියෙනුත් සමාජ සාරධර්ම ගොඩනැගීමට ලැඛෙන්නේ මහ`ගු පිටිවහලකි.
ගුරු මුහන්දිරම්තුමා විසින් ඉතාමත් සරල බසින්  රචනා කර ඇති සිරිත්මල්දම ද සාරධර්ම ප්‍රගුණකරවීම උදෙසා රචනා කරන ලද අනර්ඝ සාහිත්‍ය කෘතියකි.
    
   තමන් ලැබූ දිවි       පෙවෙතේ   කොටසක් රට සමය    වෙතේ   පුද නොකළොත් නුඹෙන්    පුතේ   මෙලොවට කිසි පලක්    නැතේ
          යනුවෙන් එස්. මහින්ද හිමි රචනා කර ඇත්තේ අප රට වෙනුවෙන් වැඩ කළ යුතු බව කියා පාන්නට ය.
මීට අමතරව උන්වහන්සේ විසින් රචිත ජාතික තොටිල්ල, ළමා කවි කළඹ, හා ඔවා මුතු දම ආදී ග්‍රන්ථ ද දරුවන්ගේ සාරධර්ම වැඩි දියුණු කිරීමේ පරමාර්ථය ඇතිව රචනා කොට ඇත.
මේ ආකාරයට පාඨකයා තුළ යහපත් සිතුවිලි ඇති කිරීමට උපදේශ කාව්‍යයෙහිලා මහගු පිටිවහලක් ලැඛෙනු ඇත.
(හිරුණී හංසිකා)

යමක් කරන්න කලින් හිතන්න

  ජීවිතේ සමහරක් අවස්ථාවල දී, අප ගන්න සමහර තීරණ නිසා අපිට වගේ ම, අප ළග ඉන්න අයටත් දුක් විඳින්න, අඩන්න වගේ ම, මිය යන්න පවා සිද්ධ වෙනවා. ඒත් ඒ තීරණ ගන්න කලින් ටිකක් හොඳට හිතන්න පුළුවන් නම් අපි හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

ඉතිං අපට හිතන්න බැරි ද? නෑ, පුළුවන්. ඒත් අපි හිතන්නෙ නෑ. හිතන්න උනන්දුවක් නෑ. එහෙම නේද?

ගුරුවරු කියන්නෙ අපේ ජීවිත ඉතා ශක්තිමත් කරපු උත්තරීතර පිරිසක්. අපට ගුණ ධර්ම කියා දුන්නු පිරිසක්. අපේ ජීවිතවලින් ඒ ගුණ ධර්ම ඈත් කර ගන්නව නම් ඒක ඒ ගුරුවරුන්ට කරන ලොකු වැරැද්දක්.

ඉස්සර එක ගුරුවරයෙක් ළග  සිසුන් හතර දෙනෙක් හිටියා. ඒ සිසුන් හතර දෙනා ගුරුවරයට හරිම කීකරුයි. හතර දෙනාම හොඳට ඉගෙන ගන්න මහන්සි වුණා. මේ හතර දෙනාගෙන් එක් කෙනෙකුට පුළුවන් අතින් අල්ලන්නෙ නැතුව තුවාල සනීප කරන්න. තව එක්කෙනෙකුට පුළුවන් බිඳුණු දේවල් නැවත කලින් තිබුණ විදියට සවි කරන්න. තුන් වෙනි කෙනාට පුළුවන් මැරුණු කොළවලට ප්‍රාණය දීලා නැවත ගස්වලට සවි කරන්න. අවසාන කෙනාට අනිත් අය වගේ හැකියාවක් ඇති කර ගන්න බැරි වුණා. ඉතිං අර තුන් දෙනාම කිසිම හැකියාවක් ඇති කරගන්න බැරි වුණ  තමන්ගෙම යාළුවට විහිළු කරලා හොදට ම හිනා වුණා. ඒත් ඒ 
මොනවත් හැකියාවක් ඇති කර ගන්න බැරි වුණ යාළුවා තමන්ට හිනා වුණ යාළුවන්ට කවදාවත් දොස් කිව්වෙ නෑ.

අන්තිමට මේ හතර වෙනි යාළුවා ගුරුතුමා ළගට ගිහින් ගුරුතුමාගෙන් මෙහෙම අහනවා.

''ගුරුතුමනි, සාමාන්‍ය දැනීම කියන්නෙ මොකද්ද?''

ගුරුතුමා ඔහුට පිළිතුරු දෙනවා.

''ඒක හරි සරල දෙයක් නෙ. සාමාන්‍ය දැනීම කියන්නෙ, අපි දෙයක් කරන්න කලින් හිතන එක.''

ඉතිං දවසක් මේ විවිධ හැකියාවන් තියෙන යාළුවො තුන් දෙනා ගමෙන් එළියට ගිහින් ජීවත් වෙන්න කතා කර ගත්තා. එයාලගෙ ගමනට විශේෂ හැකියාවක් නැති යාළුවත් එකතු කර ගත්තා. ඉතිං මේ හතර දෙනාට ම ගමනට කලින් ගුරුතුමා අවවාද කළා. මතක තියාගන්න දරුවනේ හැමවෙලේම බුද්ධිමත් මනුස්සයා දෙයක් කරන්න කලින් හිතනවා. 

''හොදයි අපි මතක තියා ගන්නම්'' කියලා යාළුවො හතර දෙනා ම ගමෙන් පිටත් වුණා.

ටිකක් දුර ගියපු යාළුවො හතර දෙනා දවල් කෑම කන්න තැනක නතර වුණා.තමන් වාඩි වුණ තැන තිබුණු ඇට සැකිල්ලක් දැකපු මේ විශේෂ හැකියාවක් නැති ශිෂ්‍යයා අනිත් අයට කතා කරලා කිව්වා මේ ගැන.

එයින් එක යාළුවෙක්  තමන්ගෙ දක්ෂතාවෙන් මේ විසිරිලා තිබුණු ඇට කටු එකතු කළා. ඒ ඇට සැකිල්ල සිංහයෙක්ගෙ කියලා එතකොට තමයි හැමෝම දැන ගත්තෙ. ඉතිං මේක බලන් හිටපු අනිත් යාළුවොත් 
තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පටන් ගත්තා. ඒත් අර විශේෂ හැකියාවක් නැති යාලුවා 

''ඔය වැඩේ කරන්න එපා'' 

කියලා කිව්වා.ඒත් කලින් කෙනාට වැඩියෙන් අනිත් කෙනා තමන්ගෙ දැනුම පෙන්නන්න හිතුවා. ඉතිං තව එක්කෙනෙක් අර ඇට සැකිල්ලට ලොම්, නියපොතු, දත් ඇතුළු ශරීරය ලබා දුන්නා. මේ දෙන්නටම වඩා තමන් දැනුමෙන් උසස් කියලා පෙන්නන්න, අනිත් තුන් වෙනි යාළුවා මේ සිංහ ශරීරයට පණ දෙන්න තීරණය කළා. එතකොට ම විශේෂ හැකියාවක් නැති සිසුවාට තමන්ගෙ ගුරුතුමා දුන්නු අවවාදය මතක් වුණා. යමක් කරන්න කලින් හිතන්න. 

තමන්ගෙ යාළුවන්ට කියපු දේ අහපු නැති නිසා විශේෂ හැකියාවක් නැති ශිෂ්‍යයා ගහකට නැග්ගා. කොළවලට පණ දීලා ගස්වල සවි කරපු ශිෂ්‍යයා සිංහයාට  නැවත පණ ලබා දුන්නා.

අවසානෙ දි සිංහයාට පණ ආවා. සිංහයා බඩගින්නෙ හිටපු නිසා ඒ බිම හිටපු තුන් දෙනාම මරාගෙන කෑවා.ගහ උඩ හිටපු විශේෂ හැකියාවක් නැති ශිශ්‍යයා සිංහයා එතනින් ගියාට පස්සෙ ගහෙන් බැහැල ගියා.

දෙයක් වුණාට පස්සෙ ඒ ගැන ආයිත් හිතලා දුක් වෙලා වැඩක් නෑ. මොකද,ඒ දේ සිදුවෙලා අවසන් නිසා. සමහරවිට ඒ දෙයින් අපිව විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඕන ම දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතන්න ඕන. කියලා අපි හැමෝම මතක තියා ගනිමු.

(පූජ්‍ය ගම්මැදගම ධම්මානන්ද හිමි)